රතු වස්සානය
'රතු වස්සානය’ නමින් පරිවර්තනය කෙරී ඇත්තේ අලෙක්සන්ද්‍රා කොලොන්තායිගේ A Great Love කෙටි නවකථාවයි. මෙහි පාත්‍ර වර්ගයා නම් රුසියානු ඔක්තෝබර විප්ලවයේ සම නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින්, පෝලන්ත විප්ලවවාදිනියක වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ ලෙනින්ගේ බිරිඳ කෘස්කායා ය.
මහා ආදරයක් ගැන වූ මේ කතාන්දරය හුදු ප්‍රබන්ධයක් නොවේ. මේ ආදර සම්බන්ධය ගැන තොරතුරු හෙළිදරව් වන්නේ 1985 ගොර්බචොෆ්ගේ පෙරෙස්ත්‍රොයිකා වැඩ පිළිවෙලත් සමග ය. එතෙක් සෝවියට් රාජ්‍යය යට ගසාගෙන සිටි ලෙනින් සහ ඉනෙස්සා අතර හුවමාරු වූ පුද්ගලික ලිපි පෙරෙස්ත්‍රායිකාව නිසා ලෝකයට විවෘත විනි. තමන් ශුද්ධවන්ත සේ සුරැකි ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිරූපය, මේ ආදර ලිපි නිසා බිඳ වැටෙනු වළක්වා ගැනීමට සෝවියට් රාජ්‍යයට නොහැකි විය.
A Great Love කෙටි නවකථාව, ප්‍රබන්ධයක්ව පවතින මිනිස් සම්බන්ධතාවන්ගේ යථා අරුත් ගවේෂණය කරන්නා වූ මාහැගි නිර්මාණයකි.
1917 වසරේ බොල්ෂෙවික් පක්ෂයේ ඉහළම ආයතනය වන දේශපාලන බල මණ්ඩලයේ සිටි එකම කාන්තා සාමාජිකාව වූයේ අලෙක්සන්ද්‍රා කොලොන්තායි ය. ඇගේ දැක්ම තුළ කාන්තාව විමුක්ත කරගැනීමේ න්‍යාය ප්‍රධාන විය. කෙසේ නමුත් බොල්ෂෙවික් පක්ෂය ඇගේ මේ ව්‍යාපෘතිය ට පෙන්වූ අකමැත්ත හා අප්‍රසාදය නිසාවෙන් ඈ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූවාය.
කොලොන්තායි ලියූ කෙටි කතා සහ නවකථා ඇගේ ඉහත මතය සනාථ කිරීම ට ලියූ දේ වෙයි. විශේෂයෙන්ම සමාජවාදී රාමුව තුළ ඈ මේ සංවාදය සිදු කලාය. ඈ කියා සිටියේ කාන්තාව පත්ව ඇති පීඩනකාරී තත්ත්වයන් ගැන සමාජවාදි පුරුෂයාට වැටහීමක් නැති බවය.
A Great Love කෙටි නවකථාව ලිවීමේ කොලොන්තායිගේ පරම අධ්‍යාශය වූයේ පුරුෂ මූලික භාවිතාවන්ගෙන්, විශේෂයෙන්ම පිරිමියා යොදන ලිංගික හිංසනීයත්වයෙන් ගැහැණිය මුදා ගැනීම ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.