ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්‍යාපනයේ අත්‍යාවශ්‍යතාවය
“ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්‍යාපනයේ අත්‍යාවශ්‍යතාවය” යන මෙම කෘතියේ අරමුණ නම් දරුවන් ලිංගික අපයෝජනයෙන් ගලවා ගැනීම ට අවශ්‍ය දැනුවත් බව දෙමාපියන් සහ වැඩිහිටියන් අතර පැතිර වීම ය. ළමා ලිංගික අපයෝජනය අද ලංකාවේ දැවෙන ප්‍රශ්ණයකි. 2004 වසරේ සමීක්ෂණයකට අනුව පාසැල් යන නව යොවුන් වියේ දරුවන්ගෙන් 21.9% ක් ලිංගික අපයෝජනය ට ගොදුරු වී ඇත. ස්වකීය ලිංගික ජීවිතය ගැන වගකීමක් දරන්නට දරුවන්ට අයිතියක් ඇත. ඒ සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත් සාධකයකි. දරුවන් අනතුරින් මුදවා ගැනීමට, දරුවන් ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්නට දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු මේ පොතේ අන්තර්ගත ය.
ආචාර්‍ය රවින්ද්‍ර රණසිංහ පසුගිය වසර 18 ක කාලයක් තුළ මනෝ චිකිත්සකයෙකු සහ රංග චිකිත්සකයෙකු වශයෙන්, අපයෝජනයට පත්, මානසික ප්‍රකම්පනයට පත්, සහ ළමා නිවාස ගත දරු දැරියන් විශාල ප්‍රමාණයක් සමග කටයුතු කොට ඇත. විවිධ හිංසනයන් ට බඳුන් වන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් ද ඔහු පර්යේෂණයන්හි නිරත වෙයි. ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව – වැඩිහිටියන් දැනුවත් කිරීමේ කාර්යයෙහි යෙදෙන ඔහු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා මූලික හිංසනය වැළැක්වීමේ වැඩසටහනෙහි උපදේශකයෙකු වෙයි. ආචාර්‍ය්‍ය රණසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙනෙහස විශේෂ අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ රංග චිකිත්සාව පිළිබඳ උපදේශකවරයායි. හේමාස් සමූහායතනයේ මනෝ සමාජීයිය වැඩසටහනෙහි විශේෂඥ මනෝ චිකිත්සක ලෙස කටයුතු කළ ඔහු, ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.