පුද්ගල උපදේශනය පුහුණුව
“පුද්ගල උපදේශනය පුහුණුව” කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප්‍රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් “උපදෙස් දෙන්නන්” ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම “පුද්ගල උපදේශනය පුහුණුව” කෘතිය නිසි මග පෙන්වන්නෙකි.
ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ ලංකාවේ සිටින ප්‍රවීණ රංග චිකිත්සකයෙකි. මනෝ උපදේශන වෘත්තියයේ සංවර්ධනය උදෙසා ක්‍රියාකාරී ශිල්ප ක්‍රම භාවිතාව අරභයා පසුගිය කාලය තුළ උපදේශකයින් විශාල සංඛ්‍යාවක් පුහුණු කොට ඇත. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය ට ඔහු ලබා දෙන දායකත්වය ට මෙම පරිවර්තනය ද දායක වෙයි. ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ ආයතනයේ ආරම්භකයා වන ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ දැනට එම ආයතනය මගින් පවත්වාගෙන යන රංග චිකිත්සන උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ පාඨමාලා සම්පාදකවරයා ද, පාඨමාලා අධ්‍යක්ෂක ද වෙයි. තවද, ඔහු මියන්මාර රාජ්‍යයට රංග චිකිත්සනය හඳුන්වාදීම සහ එරට මානසික සෞඛ්‍යය වෘත්තිකයන්ට රංග චිකිත්සන පුහුණුව ලබාදීම අරභයා පුරෝගාමීත්වය ගෙන සිටී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.