Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නයිටිංගේල්

නයිටිංගේල්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඒ 1939 වසරයි.

කරිවො නම් නිහඬ ප්‍රංශ ගම්මානයේ දිවි ගෙවන වියැන් මෝරියාක්, යුද පෙරමුණ කරා යන සිය සැමියා අන්තුවාන්ට සමුදුන්නද, නට්සි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කරනු ලැබෙතැයි කිසිවිටෙක අපේක්ෂා නොකරයි. එහෙත්, නොසිතූ දෙයම සිදුවෙයි. නට්සීන්, ජර්මානු සොල්දාදු රංචු සහ යුද රථ පේළි සමගින් ප්‍රංශයට කඩාවදින්නේ සිවිල් වැසියන් මතට ගුවනින් බෝම්බ හෙළමිනි. ජර්මානු කපිතාන්වරයෙක් වියැන්ගේ නිවසේ බලහත්කාරයෙන් ලැගුම්ගන්නා විට වියැන්ට ඉතිරිවන්නේ විකල්ප දෙකකි. ඇය සහ ඇගේ දියණිය සතුරා සමග ජීවත්විය යුතුය. නැතහොත්, ඇය තමන් සතු සියල්ල අහිමි කරගත යුතුය. ආහාර සහ මුදල් සිඳීගිය කාලයක, බලාපොරොත්තුව මියැදුණු යුගයක, බැලූ බැලූ අත අන්තරාය රජයන ලොවක ජීවත්වන වියැන්ට සිය පවුලේ පණනල රඳවා තබාගැනීම සඳහා දුෂ්කර තීරණ මාලාවක් ගැනීමට සිදුවේ.

වියැන්ගේ නැගණිය වන, දහ අට වියැති ඉසබෙල්, කුඩා කල සිටම විප්ලවකාරිනියකි. තාරුණ්‍යයේ වගකීම්-විරහිත ආශාවන් පසුපස හඹා යන ඇය, තම ජීවිතය උදෙසා අර්ථවත් අරමුණක් සෙවීමට වෙහෙසෙයි. පැරිසියානුවන් දහස් ගණනක් යුද්ධයේ නොදන්නා භීෂණය තුළට ඇවිද යන මොහොතකදී, ඉසබෙල්ට ගයිතොන් මුණගැසේ. ප්‍රංශය තුළම රැඳෙමින් නට්සීන් සමග සටන් කිරීමට ප්‍රංශ ජාතිකයන්ට හැකි බව විශ්වාස කරන මෙම තරුණ කැරලිකරුවා සමග ආලයෙන් බැඳෙන ඉසබෙල්, අවසානයේදී තම පරම අරමුණ සොයාගනියි. ඒ, සිය ජීවිතය නැවත නැවතත් අනතුරේ හෙළමින් අන්‍යයන්ගේ ජීවිත බේරාගැනීමයි.

ISBN
9786246570095
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නයිටිංගේල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.