නිහඬ නොවූ සාක්ෂි 1
About this book
මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි.
අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළීබඳව අදාළ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළීබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරිකානු අධිකරණ විද්‍යා ඇකඩමිය සහ අන්තර්ජාතික අධිකරණ විද්‍යා සංගමය මගින් පිළිගෙන ඇත. 2007 වසරේ අන්තර් ජාතික ඉන්දු පැසිෆික් අධිකරණ වෛද්‍ය විද්‍යා සහ නීති සමුළුවේදී ඔහු කළ ඉදිරිපත් කිරීම එම සමුළුවේ වෛද්‍ය විද්‍යා අංශයේ හොඳම ඉදිරිපත් කිරීම ලෙසට සම්මාන ලැබීය.
නීතිය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සහ දේශීය සඟරා ගණනාවකටම පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු ලංකාදීප, දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත් වල විශේෂාංග ලේඛකයෙකු ද වෙයි. මලයාසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි මලයා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති ඔහු දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළීබඳ කථිකාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.
Details
ISBN
9789555516341
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review