Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නිහඬ පාසල
About this book
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධියක් ලබා ගල්කිස්සේ ශුද්ධ තොමසුන්ගේ විදුහලෙන් ගුරු දිවිට අරඹන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ විද්‍යා අංශ ප්‍රධානී ලෙසද නයිජීරියාවේ සොකෝටා ප්‍රාන්තයේ අබ්දුල්ලාභි ෆෝඩියෝ විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති ලෙසද කොළඹ ඩි.එස්.සේනානයක විද්‍යාලය, ඕමානයේ මස්කට් නුවර ශ්‍රි ලංකා පාසල සහ කොළඹ ගේට්වේ විද්‍යාලයෙහි විදුහල්පති ලෙසද සේවය කළේය.දැනට කොළඹ විදුර විද්‍යාලයේ ප්‍රාථමික විදුහල්පති ධූරය හොබවයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'පේමතෝ ජායතී සෝකෝ' නාට්‍යයෙන් වේදිකාවට එන ඔහු ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාව විවෘත කිරීම සඳහා 'අනඳ උදාව' වේදිකා නාට්‍යය රචනා කොට අධ්‍යක්ෂණය කරයි.

හෙතෙම මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙකු, NLP වේදය (Neuro-Linguistic Programming) පරිහරණය කරන්නකු, පෞරුෂ වර්ධන පුහුණුකරුවෙකු, කවියෙකු,දේශකයෙකු සහ ලේඛකයෙකු ද වෙයි.දරුවනට වත්මනට ගැලපෙන සමස්ත මොළය (Whole Brain Teaching) භාවිතයෙන් අධ්‍යාපනය ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක දැනුම ගුරුවරුනට ලබාදීම සඳහා ඔහු අවුරුදු තිහකට ආසන්න කාලයක් ගුරු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

ISBN
9789556912951
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ පාසල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.