රිචඩ් ද සොයිසා නිහඬ කල හඬ
About this book
ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළ සිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරයේ මුළු රට ම වෙලා ගනිමින් තිබිය දී ය.
සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කල්‍යාණ මිතුරෙකු නැති කළ, මුළු රටට ම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීත සිද්ධිය යට ගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්‍ය ත්‍රස්තවාදීන් කෙතරම් වලිකෑවත් එය හරි ගියේ නැත. ඒ වෑයම නිමා වූයේ භීෂණය මර්දනය නිර්මාණය කළ රාජ්‍ය නායකයා ම එම භීෂණයට ගොදුරු වීමෙනි.
Details
ISBN
9789556779370
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review