Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නිකිණි පුරහද

නිකිණි පුරහද

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

“නිකිණි පුර හද”

“වෙද නලාවට හසුනොවන හෘද ස්පන්දනයේ සියුම් තැන්, පන්හිඳට හසුකරගත් කවියෙකුගේ ආගමනය...”

අම්බලන්තොට හ/කුඩා බෝලාන පඤ්ඤාසිංහ කණිෂ්ඨ විදුහලෙන් මුල් අකුරු කළ, හම්බන්තොට කටුක කෘෂි පරිසරයේ අත්දැකීම් ද විඳගනිමින් හැදී වැඩුණු ගයාන් අබේගුණවර්ධන, ශිෂ්‍යත්වයෙන් අනතුරුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී උසස් පෙළ (ජීව විද්‍යා අංශයෙන්) විශිෂ්ට ලෙස සමත්ව රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබීය.

බදුල්ල මහ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සිය වෘත්තිය ජීවිතය අරඹා, 2013 වසරේ සිට නිර්වින්දන ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ජනතා සේවයේ නිරතව සිටී. එසේම කාර්යබහුල වෘත්තියක නියැලෙන අතරතුරදී ත්, කුඩා කල සිට පැවැති පොතපත කියවීමට සහ නිර්මාණකරණයට වූ දැඩි ලැදියාව හේතුවෙන් ඔහු කෝලිත භානු දිසානායක, සමන් ලෙනින්, චතුරිකා නිර්මාණි සහ චතුර ගයාන් ජයනෙත්ති වැනි ප්‍රවීණ විශාරද ශිල්පීන් උදෙසා ඔහු ලියූ ගීත මෙන්ම, මුද්‍රිත මාධ්‍ය හා මුහුණුපොත හරහා දියත් කළ කවි නිර්මාණ ද අගය කළ යුතුය.

ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන “නිකිණි පුර හද” යනු හුදෙක් රස නිෂ්පත්තිය සඳහා පද ගැලපීමක් නොව, සැබෑ මිනිසුන්ගේ ජීවන අත්දැකීම්වල කැඩපතකි. ඔහුගේ පාසල් දිවියේ සිහිවටන, වියළි කලාපයේ ග්‍රාමීය ජීවිතයේ කටුක බව, සරසවි සමයේ මතකයන් මෙන්ම වෛද්‍යවරයකු ලෙස රෝහල් සේවය තුළ ඔහු ලත් අත්දැකීම් හා ඔහුට මුණගැසුණු සේවා ලාභීන්ගේ ඛේදනීය ජීවන අත්දැකීම් මෙහි එන කවි සඳහා ප්‍රබල වස්තු බීජ වී තිබේ.

දුක් විඳින මිනිස් ජීවිත දෙස අතිශය සහකම්පනයෙන් යුතුව බලන කවියා, සිය නිර්මාණ හරහා අප්‍රමාණ මානව දයාවක් මුදා හරියි. එමණක් නොව, මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් අරගල කරනවා යැයි පෙන්වමින් සමාජය මුළා කරන ව්‍යාජ විප්ලවකරුවන් සියුම් උපහාසයට ලක් කිරීමට ද ඔහු තම පන්හිඳ සියුම් අවියක් කරගනී.

වෙද නලාවෙන් හඳුනාගත නොහැකි තරමට සියුම් මිනිස් හදවත්වල සංවේදීම කම්පනයන් පන්හිඳෙන් අකුරු කළ වෛද්‍ය ගයාන් අබේගුණවර්ධනයන්ගේ ඒ ගැඹුරු ජීවන දර්ශනය ගැබ් වූ “නිකිණි පුර හද”, සහෘද පාඨක ඔබෙ හදවතට ද බුද්ධියට ද එකවර ආමන්ත්‍රණය කරන නැවුම් කාව්‍යාස්වාදයක් ගෙන එනු නොඅනුමානය.

මහාචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි
රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

ISBN
9786245679669
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිකිණි පුරහද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.