My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
දෛවයේ කෙණෙහිලිකම් ජීවිතය වටා
කරකැවෙමින් තිබියදී.
මගේ ජීවන ගීතයට අළුත් තාලයක් තියන්නට ඔහු
පැමිණියේය.
ඒ පැමිණීම හදවත සුවපත් කළා සත්තය. මුසපත්
කළා සත්තය.
මගේ සංතාප වේදනා සංදීප්ත චේතනා කළා
සත්තය.
එහෙත් අවාසනාව... කාලය කුරිරු විය. ජිවිතය
අඳුරු විය. දෛවය අවි අමෝරාගෙන මා වෙත පැමිණ
තිබිණ.
පිංසාර වෙමින් තිබි මගේජීවිතය පව්කාර
ගින්නට තල්ලු කිරීමට
අදහන දෙවිවරුන් පවා රුකුල් දෙමින් සිටියි.
ඔහුගේ විසල් ආදරය මා වෙතින් දුරස් කිරිමට
සුවිසල් සටනක් කරමින් සිටියි.
එහෙත් ඔහු ඔත්පල මගේ ජිවිතය ඔහුගේ එකම
වත්කමක වාසනාව කරගෙන
සරදම් කරන දෛවට එරෙහිව නැගී සිටියේය.
මම බලා සිටියෙමි. ඔහු ජයගනීද බලා සිටියෙමි.
ඔහු මගේම වේද...? මම ඔහුගේම වේද...?
නිම්නැති සෙනෙහස මෙයම වේ ද...?
දෛවය පවසන තෙක් මම බලා සිටියෙමි.
Author | රුවන්ති අබේවික්‍රම - Ruwanthi Abeywickrama (3) |
---|---|
Publisher | ශාන් පොත් ප්‍රකාශකයෝ - Shan Publishers (7) |
ISBN | 9789558175439 |
---|---|
පිටු ගණන | 232 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |