නිම්නැති සෙනෙහස
දෛවයේ කෙණෙහිලිකම් ජීවිතය වටා
කරකැවෙමින් තිබියදී.
මගේ ජීවන ගීතයට අළුත් තාලයක් තියන්නට ඔහු
පැමිණියේය.
ඒ පැමිණීම හදවත සුවපත් කළා සත්තය. මුසපත්
කළා සත්තය.
මගේ සංතාප වේදනා සංදීප්ත චේතනා කළා
සත්තය.
එහෙත් අවාසනාව... කාලය කුරිරු විය. ජිවිතය
අඳුරු විය. දෛවය අවි අමෝරාගෙන මා වෙත පැමිණ
තිබිණ.
පිංසාර වෙමින් තිබි මගේජීවිතය පව්කාර
ගින්නට තල්ලු කිරීමට
අදහන දෙවිවරුන් පවා රුකුල් දෙමින් සිටියි.
ඔහුගේ විසල් ආදරය මා වෙතින් දුරස් කිරිමට
සුවිසල් සටනක් කරමින් සිටියි.
එහෙත් ඔහු ඔත්පල මගේ ජිවිතය ඔහුගේ එකම
වත්කමක වාසනාව කරගෙන
සරදම් කරන දෛවට එරෙහිව නැගී සිටියේය.
මම බලා සිටියෙමි. ඔහු ජයගනීද බලා සිටියෙමි.
ඔහු මගේම වේද...? මම ඔහුගේම වේද...?
නිම්නැති සෙනෙහස මෙයම වේ ද...?
දෛවය පවසන තෙක් මම බලා සිටියෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.