නිසල කලාවක චමත්කාරය
රේඛාව සහ වර්ණය සමගින් සොබාදහම හා ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ආරම්භ වූ දෘශ්‍ය මාධ්‍ය කලාව තාක්ෂණික හා රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵල ඔස්සේ ඇලෝකමය රූප රචනයක් ලෙස සංවර්ධනය වීම අපි ඡායාරූප කලාව ලෙස හඳුන්වමු.
දෘශ්‍ය මාධ්‍යයේ මෙම තාක්ෂණික ප්‍රකාශන ක්‍රමවේදය යාන්ත්‍රික ක්‍රියාවලියකට වඩා භාවමය අත්දැකීමක් බවට පත් කරලීම ඡායාරූප කලාකරුවා සතු වගකීමකි. ආලෝකය උචිත පරිදි මෙහෙයවා, සිය අරමුණු සංවේදී ලෙස හදවත් අමතන අමුද්‍රව්‍යයන් සේ පරිහරණය කිරීමට සූර නිර්මාණකරුවෝ සමත්කම් දක්වති.
ඡායාරූප ශිල්පයේ ගුණාත්මක හා නිර්මාණාත්මක අරුත් මනා සේ සංකලනය කරන්නට අසමත් වුවහොත් එය හුදෙක් ඡායා පිටපතක් වන්නට ඉඩ තිබේ.ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර විසින් රචිත නිසල කලාවක චමත්කාරය’ යථෝක්ත සත්‍යය තේරුම් කරදීමේ අරමුණින් සම්පාදනය කරන ලද්දකි. යම් රූපාකෘතියක් ගැන ගැඹුරින් සිතන්නට හා විඳින්නට අවශ්‍ය හුරුව මෙමගින් ලබා දෙයි. මෙය අද දවසේ අවශ්‍ය ව ඇති නව මානයක ඡායාරූප කලා සංස්කෘතිය සඳහා උචිතතම මං පෙතකි.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
ජනසන්නිවේදන අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.