නොහඬන බඹරිඳු 1 සහ 2
"ඒත් මං කොගොමද දෙයියනේ, උඹට මේවයෙ ණය ගෙවන්නෙ...? මං මොනවද උඹට දෙන්නෙ..? "ම... මට දෙන්න කිසිම දෙයක් නෑ අරුනෝද්...
" රොෂාන්ගේ ඇස්වලින් කඳුළු වැලක් ගලාගෙන යද්දි ගමයා බ්රූස් ගාලා නහය උඩට ඇද්දා.
"මගේ පුතා කිව්වා වගේම අපිට දෙන්න දෙයක් නෑ මගෙ දෙයියෝ... මේ කරන උදව් උපකාරවලට අපි ආත්ම ගානක් යනකල් හරි ඔය රත්තරන් කකුල් දෙක ගාව වැටිලා දාසකම් කරන්නම්... ඒත් අපිට මේ ණය ගෙවල ඉවර කරන්න බෑ. මගෙ දෙයියොන්ට බුදු බව අත්වෙන්න ඕන..."
රොෂාන්ගෙ අම්මා අත්දෙක එකතු කරලා මට වැන්දා. ඒ දේ වළක්වන්න මං ස්ටූල් එකෙන් නැගිට්ටත්, ඒ මුණේ තිබ්බ අව්‍යාජකමයි, කඳුළු ගංගාවයි දැකල මං එතනම ගල් ගැහුනා.
"....අ...අපිට මේ වගේ දෙයක් අපේ කෙනෙක්වත් කරල නෑ දෙයියෝ, මගෙ හිතට වාවන්නෙම නැත්තෙ ඒකයි. අන්ත අසරණ වෙලා හිටපු අපට අපේ කියල කිසිම දෙයක් තිබ්බෙ නැති අපිට දැන් එක දෙයක් තියෙනවා. ඒ තමයි දෙයියො, බුදුන් වගෙ අපේ හිත් උඩ ජීවත්වෙන මහත්තයගෙ රූපෙ අද ඉඳල අපි දෙයියො, බුදුන් අදහනව වගේ අදහන්නේ මගත්තයව... මේ මුළු ලෝකෙම ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවො මහත්තයව ආරක්ෂා කරන්න ඕන... ”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.