Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නොනිදන දිවයිනේ චාරිකාවක්

නොනිදන දිවයිනේ චාරිකාවක්

About this book

උපන් රටේ නිදහසේ සංචාරය කිරීමේ නොතිත් ආශාවෙන් බාල කාලයේ පෙලුණු නමුත්, නොයෙක් හේතූන් නිසා ඒ අවස්ථාව මගහැරුණු අයෙක්, වැඩිහිටියෙකු වශයෙන් ඒ බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගත් ආකාරය ගැන මේ පොතේ විස්තර වේ. සති ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ බොහෝ තැන් ආවරණය කරමින් සිදු කර ඇති මේ සංචාරය අතරතුර දුටු පරිසරයේ සුන්දරත්වය, ඓතිහාසික වටිනාකම්, සංස්කෘතිය, ජන ජීවිතයේ රිද්මය, මුණගැසුණු මිනිසුන් පමණක් නොව සංචාරය අතරතුරදී සිතට නැගුණු සිතුවිලි ගැනත් මේ පොතේ සඳහන්ව ඇත.

ඉංග්‍රීසියෙන් ලේඛනකරණයේ යෙදෙනා ලාංකේය සාහිත්‍යවේදීන් වෙත පිදෙනා ග්‍රේෂන් සම්මාන උළෙලේ 2019 වසරේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමට මෙහි මුල් පොත සමත් විය. එහි හේතු පාඨය පහත දැක්වේ.

‛ආත්ම විශ්වාසයෙන් යුතුව ලියා ඇති රචනා ශෛලියත්, තියුණු නිරීක්ෂණ ශක්තියත්, හාසස්‍යෝත්පාදක රටාවකට අනුව සංකීර්ණ සහ පිළිගැනීමට අපහසු සත්‍යයන් ලියා ඇති සියුම් ආකාරය අනුවත්; සැබෑව සහ ප්‍රබන්ධයත්, ඉතිහාසය සහ ජනප්‍රවාදත් එකිනෙක සහසම්බන්ධ කරමින් රසවත් චරිත හරහා වියමන් කර ඇති ආකාරයත්, පශ්චාත් යුධ රටක අත්විඳීමට සිදුවන සත්‍යයන් ග්‍රහණය කරගනිමින් සිටින්නාවූ බහු සංස්කෘතික ජනතාව පිළිබඳව සහසංවේදී නමුත් තියුණු ඇසකින් වාර්තා කරමින් ආගමික ඝට්ටනයන් සහ ගැඹුරු වාර්ගික සම්බන්ධතා ගැනත්; කියවීමට සිත් ඇදගන්නා සුළු ලෙසින් සවිස්තරාත්මකව නොයෙක් ස්ථාන පිළිබඳවත්, අතීත මතකයන් සහ භූමි දර්ශන සිතියමක දක්වා ඇති පරිද්දෙන් සලකුණු කිර්මත්, පොහොසත් විෂය පථයන් හරහා ආධ්‍යාන ධාරාවන් කිහිපයක් ගොඩනංවා එකිනෙක සම්බන්ධ කර ඇති අන්දමත්, සංස්කෘතිකමය, දේශපාලනික සහ ඓතිහාසික රසවත්භාවයන් පිළිබඳව තීක්ෂණ අයුරින්, නූතන සංචාරකයෙකුගේ කතා පුවතක් හරහා ගෙනහැර පෑම වෙනුවෙන් 2019 වසරේ ග්‍රේෂන් සම්මානය, ඇන්ඩෲ ෆිඩෙල් ෆර්නැන්ඩු විසින් රචිත Upon A Sleepless lsle කෘතිය වෙත පිරිනැමෙයි.’

ISBN
9789553134257
පිටු ගණන (Pages)
282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොනිදන දිවයිනේ චාරිකාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.