Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නුහුරු නුවරකට නුදුරුව - කාව්‍ය සංග්‍රහය

නුහුරු නුවරකට නුදුරුව - කාව්‍ය සංග්‍රහය

About this book

කවිය යනු තමාට නුහුරු නුවරක් නො ව නුදුරු නුවරක් බව පසක් කරවන හිමැවුම් රැසකින් යුත් මේ අභිනව කාව්‍ය සංග්‍රහය, ස්වකීය භාෂාවෙහි ශක්‍යතා තීව්‍ර කිරීමට පොහොනා කෞශල්‍යයකින් යුත් කවියකුගේ ප්‍රයයෙකැ යි ඉඳුරා පවසමි. තමා විසින් භාවිත අත්දැකීම. එකී අත්දැකීමෙහි නො වූ විරූ සියුමු ස්වරයක් දක්වා එසැවීම කෙරෙහි මංජුල පී. පෙරේරා දක්වා ඇති සාවධානය පැසැසුම් කටයුතු ය. යම් ආනන්දයක් විසින් ආකර්ෂණය කරනු ලැබ එමඟින් ජීවිතයේ යම් චීක දේශයක් වෙන අන්තර්දාන විෂයක නැණ කිරණක් විහිදාලීමට කවියා ප්‍රෝත්සාහි වන අයුර අගය කළ යුතු ය. බුද්ධිවාදී යමක් වුව, යම් සංවේදනාවකින් යුක්ත ව, පද සංඝටනාවෙහි ම ඵලයක් ලෙස දැනැවීමට අප කවියා උත්සුක වන අයුර මහා ය. නිසරු වාගාලාප, හුදු කථන කවි ලෙස වටහාගැනෙන මොහොතක, මංජුල කවියා බහුවිධ ආවේගධාරා මතු කරන සියුමු බසක් සඳහා වෙහෙසෙන්නකු වීම අපගේ බලාපොරොත්තු වඩාලයි. අතීත කාව්‍යයෙන් ගත හැකි ඵලය කෙරේ විවෘත වන, එ සේ ම සිංහල නව කවියේ මේ තාක් ජයග්‍රහණ විමසා කටයුතු කරන මංජුල පී පෙරේරා නම් අභිනව කවියාට අරුත්සරු පෙරගමනක් පිණිස මේ මොහොතේ ඉතසිතින් ශුභාශිංසනය කරමි. නන්දන වීරසිංහ

ISBN
9786249397606
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුහුරු නුවරකට නුදුරුව - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.