Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා

නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා

About this book

"නූතන යනුවෙන් වෙසෙසා දැක්විය හැකි සාහිත්‍යයක් සිංහලයෙහි ප්‍රාදුර්භවය ලබනුයේ එකුන් විසි වන සියවසේ සමාජාර්ථික හා දේශපාලන කාර්යාවලියෙහි හා තදනුබද්ධ සංස්කෘතික ක්‍රියාකාරිත්වයෙහි ද ප්‍රතිඵලයක් වශයෙනි. මේ ක්ෂේත්‍ර අලළා තත් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් විසින් සිදු කෙරුණු පර්යේෂණ විශ්ව භාෂාවන් ගෙන් ප්‍රකාශිත ව ඇතත් ඒවාහි සාරය මෙ තෙක් සිංහල ඒකභාෂක විද්‍යාර්ථීන් කරා පැමිණ නොතිබීම සාහිත්‍ය කලා නිර්මාණය හා අධ්‍යයනය යන ක්ෂේත්‍ර ද්වයයෙහි ම පවත්නා ශාස්ත්‍රීය ඌනතාවට එක් හේතුවක් සේ දැක්විය හැකි ය. නිර්මාණාකරණය හා නිර්මාණ අධ්‍යයනය යන ක්ෂේත්‍රයන්ට අමතර ව ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධයෙන් ද අද්‍යතන ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන් පසු වන පශ්චාද්ගාමී ස්වභාවයට එක් හේතුවක් වන්නේ මේ බඳු පර්යේෂණාත්මක ලේඛන පරිහරණයෙන් වියෝ වීම බව පෙන්වාදිය හැකි ය. නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා නමැති මේ කෘතිය සම්පාදනය කෙරෙනුයේ මේ කී ඌනතා පූරණය සඳහා ප්‍රයත්නයක් වශයෙනි.

"මෙහි සංග්‍රහ කෙරෙන නිබන්ධ තත් විෂයය සම්බන්ධ අග්‍රසර පර්යේෂකයන් ගේ කෘති සේ හැඳින්විය හැකි ය. ඉන් ඇතැම් නිබන්ධයක් ප්‍රකාශිත ව වර්ෂ දශක කිහිපයක් ගෙවී ඇතත් ඒවාහි ශාස්ත්‍රීය අදාළ බව හෝ අගය හෝ හීන නොවී පැවැත්ම මේවා තෝරාගැනීමෙහි ලා අප යොමු කළ ප්‍රධාන සාධකය සේ හැඳින්විය හැකි ය. මෙ වැනි ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයකින් වත්මන් විද්‍යාර්ථියාට සැබෑ ඥාන ගවේෂණය සම්බන්ධ ආදර්ශ රූපයක් ඉදිරිපත් කිරීම ද සිදු වෙතැයි අපේක්ෂිත යි."

ISBN
9789550955527
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.