Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔබේ සිඟිත්තා හඳුනාගන්න
About this book

මෙම පොතේ කතුවරිය වන අයිලීන් හේයස් දරුවන් සිවු දෙනෙකුගේ මවකි. ඇය බ්‍රිතාන්‍යයේ NSPCC ආයතනයේ උපදේශකවරියක් වන අතර ළදරුවන් සමඟ කටයුතු කරන අන්දම පැහැදිලි කරන අත්පොත් ගණනාවක් ම ලියා ඇත. ඇය බීබීසී ටෙලිවිෂන් සේවාවේ ද දෙමාපිය උපදේශන වැඩසටහන්වලට මාර්ගෝපදේශකත්වය සපයයි. එමෙන් ම ඇය ‘ප්‍රැක්ටිකල් පේරන්ටින්’ සඟරාවට ද දායකත්වය සපයයි. එමෙන්ම මෙම කෘතිය සිංහල මාධ්‍යයෙන් ඔබ අතට පත් කිරීම උදෙසා පරිපවර්තන කාර්යය සිදු කරන ලද්දේ මේ වන විට පොත් විස්සකට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති, පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක වූ මෙලනි අමරතුංග විසින් ය.

සිඟිත්තන්ගේ හැඬීම, නිදා ගැනීමේ රටාව, සෙල්ලම් කිරීම හා ඉගෙන ගැනීම ආදිය පිළිබඳව පහසුවෙන් අනුගමනය කළ හැකි හරබර උපදෙස් හා ඉඟිවලින් මෙම පොත සමන්විතය. ඔබ අලුත උපන් සිඟිත්තෙකුගේ මවක් වුවත් සිඟිත්තන් රැක බලා ගන්නා ආයතනයක සේවය කරන අයෙක් වුවත් මෙම පොතෙන් ලැබෙන දැනුම මිල කළ නොහැකි ය.

ISBN
9789550171330
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබේ සිඟිත්තා හඳුනාගන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.