පුංචි දඟකාරිගේ තවත් කතා
ඔයාලට මතක ඇති මගේ 'පුංචි දඟකාරි'. එයාගේ දඟ වැඩ එක පොතකින් නම් කියලා ඉවර කරන්න බැහැ. ඒ නිසා ම තමයි ඒක පොත් පහක් දක්වා දීර්ඝ වෙන්නේ. ඔයාලා පළමු පොත කියෙව්වා නම් දන්නවා එය කෙතරම් රසවත් ද කියා. ඉතිං පුංචි නංගියේ, මල්ලියේ ඔයාලටත් ඇති පුංචි දඟකාරයකු හෝ දඟකාරියකු. නැත්නම් දෙවර්ගයෙන් ම ඇති. ඉතිං ඔයාලා දන්නවනේ එයා මොන තරම් මෝඩ වැඩ, දඟ වැඩ, කරදර කරනවා ද කියලා. සමහරවිට මගේ පුංචි දඟකාරි කරන දේවල් ඔයාලාගේ දඟ මලු කරන්නේ නැතිව ඇති. ඒත් කියවලා ම බලන්නකෝ, කවිද දන්නේ එයාලත් ඔයාලගේ කට්ටිය වගේ ම ද කියලා. එහෙමත් නැත්නම් ඔයාලගේ දඟ මලු අපේ නංගියාට වඩා හපන් වෙන්නත් පුළුවන්. කොච්චර දඟකාර වුණත් මේ ලෝකේ තනිවම ඉන්නවාට වඩා තවත් කවිරුහරි තමන්ගේ ම කියලා ඉන්න එක මොන තරම් දෙයක් ද නේද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.