Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ඔෆිස් එක්සෙල් පහසුවෙන් හා ඉක්මනින්

ඔෆිස් එක්සෙල් පහසුවෙන් හා ඉක්මනින්

About this book

පරිගණකය අමුතු වස්තුවකි! එය අපෙන් බොහෝ දුරස් සුඛෝපභෝගී යන්ත්‍රයකි!! ලංකාවේ බොහෝ දෙනා මෑතක් වන තුරු ම කල්පනා කළේ එසේ ය. නමුත් දැන් ඒ යුගය ගෙවී ගොසිනි. පරිගණකය සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප වී තිබේ. එය ඉබේ වූ දෙයක් නොවේ. පරිගණකය අහසින් පොළොවට ගෙනා හෙයිනි, එසේ වූයේ. පරිගණක ලේඛකයෝ රහනේ එක් කෙළවරක් අල්ලා සිටිති. ඔවුහු විද්‍යා තාක්ෂණ ලේඛක පරම්පරාවේ අතුරු ශාඛාවක් තැනූහ. අනෙක් කෙළවර සිටින්නේ පර්යේෂකයන් අතලොස්සකි. ඕනෑ කෙනකුට මව් බසින් වැඩ කිරීමට සහාය දැක්විය යුතු බව ඔවුහු විශ්වාස කරති.

භාෂාව හේතුවෙන් පරිගණකයට අත ගැසීමට බියෙන් දහසක් දනෝ වෙසෙති. මේ ගැටලුව ලිහිමත් සමග පරිගණකයේ ඵල නෙළා ගැනීමට කාටත් අවස්ථාව උදා වී තිබේ. වයස් හෝ අධ්‍යාපන මට්ටම් භේද දැන් බලපාන්නේ නැත. උනන්දුව ඇති නම්, බැරි කුමක් ද?

ප්‍රදීප් කාවින්ද කොටුවෙගෙදර මහතා රචනා කළ මෙම ග්‍රන්ථය, සිංහලෙන් පරිගණක දැනුම ලබා ගැනීම සඳහා මනා පිටුවහලක් වනු ඇති බව අප ගේ විශ්වාසය යි. එසේ ම දේශීයකරණය කරන ලද වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 අතුරු මුහුණත් පිළිබඳ දැනුමක් ලබා දීමට කොටුවෙගෙදර මහතා ගත් උත්සාහය ප්‍රශංසනීය යි. මෙම මෘදුකාංග කට්ටලය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ සහයෝගය මත බිහි වූවකි. මේ පොත සමග එම කට්ටලය ද නොමිලයේ බෙදා හැරීමට පහසුකම් ලබා දීම, කොටුවෙගෙදර මහතාගේ උත්සාහය මයික්‍රොසොෆ්ට් සමාගමේ ද ඇගයීමට ලක් වී ඇති බැව් තහවුරු කිරීමට ඇති හොඳ ම උදාහරණය යි.

ආචාර්ය රුවන් ගමගේ
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, මොරටුව විශ්වවිද්‍යාලය

ISBN
9789555517775
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔෆිස් එක්සෙල් පහසුවෙන් හා ඉක්මනින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.