ලාංකීයයන් සඳහා උබුන්ටු
“මනුස්සකම යනු කුමක්ද?” හෙතෙම මගෙන් එසේ ඇසුවේ “උබුන්ටු යනු කුමක්ද?” කියා හේ පළමුව මගෙන් ඇසූ ප්රශ්නයට මා දුන් පිළිතුරට; එනම් “උබුන්ටු කියන්නේ දකුණු අප්රිකානු භාෂාවකින් මනුස්සකම කියන වචනය” යන්න නොතේරුණු නිසා නොවන බව සිතමි. එහෙත් ඇත්තටම මනුස්සකම යනු කුමක්ද කියා ගැඹුරින් සිතන්නට ඔහුගේ ඒ ප්රශ්න කිරීම මා පොළඹවන ලදී.
එක් තැනක එය මානවයාට ආවේණික ගති ලක්ෂණ යනුවෙන් නිර්වචනය කර ඇත. තවත් තැනක එය දයාව හෙවත් සෙනෙහස යනුවෙන් දක්වා ඇත. නිදහස් හා නිවහල් පරිගණක මෙහෙයුම් පද්ධතියකට උබුන්ටු කියා නම් තබන්නට ඇත්තේ මානවයාගේ ආවේණික ගති ලක්ෂණවලට සම කරන්නට නොව දයාව නැත්නම් සෙනෙහස සංකේතවත් කරන්නට බව විශ්වාස කරමි.
මාගේ ඒ විශ්වාසය ඉතාමත් නිවැරදි බව මට වැටහුණේ ප්රදීප් කාවින්ද කොටුවේගෙදරගේ ලාංකිකයන් සඳහා උබුන්ටු නමැති මෙම ග්රන්ථයේ අත්පිටපත කියවන්නට ලැබුණු විටදීය. ලිනක්ස් නිර්මාතෘ ලිනුස් බන්ඩ්ට් ටොවල්ඩ් සහ නිදහස් මෘදුකාංග පදනමේ නිර්මාතෘ රිචර්ඩ් ස්ටෝල්මන් සේම, මානව වර්ගයා පිළිබඳව දයාවෙන් ප්රදීප් කාවින්ද කොටුවේගෙදරද ලාංකිකයන්ටද නිදහස් හා නිවහල් පරිගණක මෘදුකාංග පිළිබඳ දැනුම ලබා දීමට මෙවැනි ග්රන්ථයක් කිරීම මානව වර්ගයා පිළිබඳව ඇති දයාව නැත්නම් සෙනෙහස මොනවට පැහැදිලි කරන අවස්ථාවකි.
ප්රදීප් කාවින්ද කොටුවේගෙදර අපට මුණ ගැසෙන්නේ තම දැනුම රාජ්ය නිලධාරීන්ට ලබා දීම සඳහා පවත්වනු ලබන පාඨමාලාවක සම්පත්දායකයකු ලෙස කටයුතු කිරීමට, ගම්පොල සිට කොළඹ පැමිණි අවස්ථාවකදීය. ගම්පොලින් කොළඹට පැමිණි ඔහු කොළඹින් ජාත්යන්තරය කරා ගෙන ගියේ ඔහුගේ පෑටුල හැකියාවන්ට අමතරව මේ හද පිරි මානව දයාවයැයි මා විශ්වාස කරමි.
මෙවන් අග්රගණ්ය ග්රන්ථයක් පරිශීලනය කිරීමට වාසනාව හා භාග්ය ලද ලාංකිකයන්ටද, මේ මහඟු කාර්යය සද්භාවයෙන් ඉටු කළ ප්රදීප් කාවින්ද කොටුවේගෙදරයන්ටද මාගේ සුභාසිංසන පුද කර සිටින්නෙමි.
බන්දුල රණතුංග
වැඩසටහන් සම්බන්ධීකාරක
පළාත් පාලන ප්රතිනිර්මාණ වැඩසටහන
පළාත් පාලන හා පළාත් සභා අමාත්යාංශය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.