තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( 1 කොටස)
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අදවන විට ලෝකය අතැඹුලක් සේ දකින මිනිසා හට අත්‍යවශ්‍යතම මෙවලමක් බවට පත්ව ඇත. අද ලෝකයේ බොහෝමයක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද පාසල් විෂය නිර්දේශය සහ විවිධ උපාධි පාඨමාලා සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය විෂයක් බවට පත්ව ඇත. එවන් වූ විෂයයක් ක්‍රමවත් පරිදි ග්‍රන්ථයක් ආකාරයෙන් එළි දැක්වීමට ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණවේදී (BIT) උපාධිධාරියෙකු වන කතුවරයා ස්පාඤ්ඤයේ මරසියා විශ්ව විද්‍යාලයේ (UNIVERSITY OF MURCIA) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් (MBA) ද වන අතර, ඇමෙරිකාවේ ORACLE විශ්වවිද්‍යාලයේ සහතිකලත් ජාවා ක්‍රමලේඛන ශිල්පියෙකි. (OCP JP).
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ වෘත්තියෙන් ලද අත්දැකීම් සහ වසර 12 කට අධික කාලයක් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ ගුරුවරයෙකු හා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවල සම්පත් දායකයෙකු ලෙස ඔහු ලද පරිචයද මෙම ග්‍රන්ථය කලඑළි දැක්වීමේදී ඔහුට ඉවහල් වන්නට ඇත.
ආචාර්ය අසංක බුලන්වත්ත.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මනෝවිද්‍යා අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.