Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ඔළු නැති කවි

ඔළු නැති කවි

About this book

පසු වදනක් ලියන්නැයි කිවිඳිය මට කළ ඇරයුම පිළිබඳ සොඳුරු නෝක්කාඩුවක් මා තුළ ඇත. ඊට හේතුව ඇගේ කවි සමඟ මට ඇති ගනුදෙනුව විසඳා ගැනීමට අවසන් පිට ඉඩ මඳ බවයි. නමුත් සම්ප්‍රදායික පසු වදනට මා යටපත් නොවෙමි.

සියලු පියවරුන් මෙන්ම කිවිඳියගේ ආදරණීය පියාටද ඇය කුමාරියක් විය හැකි නමුත් ‛කුමාරි’ නම් ඇගේ නම ඇයට ගැළපේද?

බොළඳ කුමරියක විසින් මේ මිහි සයනය වැළඳ වටහා ගන්නා ඉක්මන් සහ සරල බවින් මිදී ඉගිලී පුළුල් ඇසකින් ඇය ජීවිතය දැන උගත් බව ඇගේ ‛ඔළු නැති කවි’ කෘතියෙන් සනාථ වේ. ඇගේ කෙටි කවි පාඨක සිත් අහසම ආලෝකවත් කරන විජ්ජුලතාවෝය. මිනිස්කම් සෝදා පාළුවට ලක් වූ වත්මන් සමාජය කාව්‍ය සංගායනාවකින් සුපිරිසුදුකොට ඇය නිර්භීතව ඇගේ කවි බස මෙහෙයවා ඇති බවට 'ඔළු නැති කවි'කෘතියේ අන්තර්ගත ‛ඇණය', 'ඔහු සහ ඔබ’, 'සිද්ධාර්ථ නොවෙමි’, 'කඳුළ', 'මධුසමය', 'වෙනස', 'පිම්බෙමු’, ‘සල්ලි ගස’, 'අපිත් හෙළුවෙන්', 'සුරාන්තය' වැනි නිදහස් කවි සාක්ෂි දරයි.

ස්වාධීනව, එඩිතරව, සංවේදීව අපව ප්‍රශ්න කරන කවි බසක් උරුම කරගත් නූතන පරපුරේ කිවිඳියක් ලෙස කුමාරි ඇගේ නමටත් ගැළපෙන අපූර්ව තැනැත්තියක් කරන්නට අත්වැල වූ මීරිගම, කඳන්ගමුව ප්‍රාථමික විදුහල සහ කඳන්ගමුව නවෝද්‍යා මහා විද්‍යාලය මෙහිදී ගෞර- වයෙන් සිහිපත් කළ යුතුමය.

පාසල් වියේ පටන් නාට්‍ය ශිල්පිනියක්, ලේඛිකාවක් ලෙස තම නිර්මාණ දිවිය ඇරඹූ ඇය මේ වන විට ලංකාවේ ප්‍රකට පුවත්පත් රැසක විශේෂාංග කතුවරියක් හා කිවිඳියක ලෙස දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරයි. එසේම තම කවීත්වය තුළින් පාඨක රසික හදවත් හැඩගන්වන කුමාරි දසනායක වෘත්තියෙන් මිනිස් රුවෙහි විස්මිත සොබදම් පැහැයන් හඳුනාගත් දිවයිනේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනියකි, උපදේශිකාවකි. ජීවන භාවිතාවන් හිදී මෙන්ම කවියෙහිදීද අව්‍යාජ ප්‍රකාශන ශක්තියක් හිමි කුමාරි දසනායකගේ කවි මඟ සරුවී හෙළ කවිලොව අමර කිවිඳියක වන්නට වරම් හිමිවේවායි ආශිර්වාද කරමි.

ISBN
9786245658350
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔළු නැති කවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.