Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ඔප්පුවලට බලපාන නීති

ඔප්පුවලට බලපාන නීති

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

කිසියම් වංචල හෝ නිශ්චල දේපළකට වටිනාකමක් හෝ අනන්‍යතාවක් ලැබෙන්නේ ඒ සඳහා නිරවුල් ඔප්පුවක් ඇති විටය. මේ නිසා ඉඩමක් හෝ නිශ්චල දේපළක් සම්බන්ධ ගනුදෙනුවකදී ඔප්පුවක් මගින් එය ඉටුකර ගැනීමට පාර්ශ්වකරුවන් පෙළඹීමේදී ඔප්පු හා සබැඳි නීතිය දැන සිටීම අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය ඔප්පුවක් යනු කුමක්ද?, නීත්‍යානුකූල ඔප්පුවක තිබිය යුතු අවශ්‍යතා, ඔප්පු සඳහා වංචා වැළෑක්වීමේ ආඥාපනතේ බලපෑම, නොතාරිස් ආඥාපනතේ සහ එහි නව සංශෝධනවල බලපෑම, එකී පනත්වලට අදාළ විනිශ්චිත නඩු තීන්දු, වංචනික ඔප්පුවලට, තෑගි ඔප්පුවලට බලපාන නීති තත්ත්වයන්, විනිශ්චිත නඩු තීන්දු ඇසුරින් සිංහලයෙන් විවරණය කර ඇත. එසේම හිමිකම් පරීක්ෂාව හා ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා? පනත ඔප්පුවලට බලපාන ආකාරයත් වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙමින් පවතින 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සම්පූර්ණයෙන්මත් මෙම ග්‍රන්ථයට අන්තර්ගත කර ඇත. අමතරව ඉහත සියලු පනත්වලට අදාළ නඩු තීන්දු 183 ක් 2014 ජුනි මාසය දක්වා යාවත්කාලීන කර, ඉංග්‍රීසි බසින් උප ග්‍රන්ථයක් ලෙස මෙම පොතට ඇතුළත් කර ඇත. මේ නිසා ඔප්පුවලට බලපාන නීති ග්‍රන්ථය නීතිවේදීන්ට නීති සිසුන්ට පමණක් නොව, ඔප්පු පිළිබඳව උනන්දු වන සාමාන්‍ය පාඨකයන්ටත් එකය සේ ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් බව කිව හැකිය. “ඔප්පුවලට බලපාන නීති” ග්‍රනථයේ කර්තෘ වන නීතිඥ කපිල ගාමිණි ජයසිංහ සියලුම සිවිල් අධිකරණවල සිවිල් නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකි. JMC (ජයසේකර කළමණාකරන මධ්‍යස්ථානයේ) උපාධි අපේක්ෂකයින්ට බැංකු නීතිය, ව්‍යාපාර නීතිය පිළිබඳ දේශන පවත්වන කථිකාචාර්යවරයෙකි. ලක්බිම ඉරිදා සංග්‍රහයට නීති ලිපි සපයන රචකයෙකි. වර්ෂ 1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨයෙන් නීතිවේදී උපාධිය දිනාගත් ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයේ ආදි ශිෂ්‍යයෙකි. මානව හිමිකම් ආයතනය (lHR) මෙහෙය වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති පිළිබඳ ඩිප්ලොමා පාඨමාලාවේ ඩිප්ලෝමාධාරියකු වන හෙතෙම එදිනෙදා ජීවිතයට නීතිය, සිවිල් නීතියේ නව ප්‍රවණතා, නීතියේ ප්‍රභව හා ආයතන, ව්‍යාපාර ලොකයේ නීතිය, ඇප දීමේ නීතිය, සමාගම් නීතියේ නව ප්‍රවණතා, සිවිල් සමාජ දේපළ නීති ප්‍රතිකර්ම, පරිගණක හා අන්තර්ජාල නීතිය, කල් ඉකුත්වීමේ නීතිය (කාලාවරෝධය), එදිනෙදා ජීවිතයට නිතිය 4 නඩු නිමිති හා අධිකරණ බලය, වංචා වැලැක්වීමේ නීතිය, විවාහ නඩුකර, මාර්ග අයිතිය, බැංකුව ගනුදෙනුකරුවා සහ නීතිය, විනිශ්චිත කරුණු පිළිබඳ නීතිය, අනුමිත භාර නීතිය යන නීති ග්‍රන්ථ 24 ක් මීට පෙර සිංහලෙන් ලියා පළ කර ඇත. නීතිඥ කපිල ගාමිණි ජයසිංහගේ නවතම ග්‍රන්ථය මේ “ඔප්පුවලට බලපාන නීති” ග්‍රන්ථයයි.

ISBN
9789553101334
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔප්පුවලට බලපාන නීති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.