Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔත්තුකාරියකගේ රංගනය

ඔත්තුකාරියකගේ රංගනය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කීර්තිමත් ලේඛකයෙකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ලියූ, Warlight නම් වූ මෙම නවකතාව 2018 වසරේ ලෝක ප්‍රසිද්ධ මෑන් බුකර් සම්මානයේ අවසන් වටයට නිර්දේශිත කෘතිවලින් එකකි.

මයිකල් ඔන්ඩච්චිගේ රචනා ශෛලිය අමුතුම එකකි. ඔහුගේ කතා සෑම එකක්ම පාහේ මුල-මැද-අග නොමැති සිද්ධි සමුදායක් එක්ව කතාව ගොඩනැගෙන්නේ කලාත්මක අයුරිනි.

ඔහුගේ The English Patient නම් නවකතාවට 1992 වසරේදී 'මෑන් බුකර්' සම්මානය හිමි විය. තවද, 1969 වසරේ ආරම්භ කළ 'මෑන් බුකර්' සම්මානයේ අඩ සියවස සැමරීම නිමිත්තෙන් 2018 වසරේදී ගෝල්ඩන් මෑන් බුකර් සම්මානයද අවසන් වටයට නිර්දේශිත නවකතා පහක් අතරින් The English Patient කෘතියට හිමි විය.

ෆිලිප් මයිකල් ඔන්ඩච්චි නම් වූ ඔහු 1943 සැප්තැම්බර් 12 දා ශ්‍රී ලංකාවේ කෑගල්ල ප්‍රදේශයේදී උපත ලැබීය.

ගල්කිස්ස ශාන්ත තෝමසුන්ගේ විදුහලෙන් මූලික අධ්‍යාපන ලද ඔහු වයස අවුරුදු එකොළහේදී එංගලන්තයට ගොස්, ලන්ඩනයේ පදිංචි වූයේය. ඉන්පසු ලන්ඩනයේ ඩල්විච් විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන හැදෑරූ ඔහු, 1962 දී කැනඩාව බලා ගියේය.

ISBN
9789553114556
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔත්තුකාරියකගේ රංගනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.