පඬුරු බඳින ගස් ස්වර්ණ පුස්තක සම්මාන 2023
About this book
''ඔයා ලස්සනයි කලූ...''සියල්ල අවසානයේ සිය නළලත මත දිනෙත්ගේ උණුසුම කලූට දැනුණේ සිහිනයකින් මෙනි.කලූ හඬා වැටුනේ ඒ මොහොතේය.තමා ඉදිරියේ සිටින්නේ බලහත්කාර කමෙන් හෝ තර්ජනයෙන් තමාගේ උණුසුම මොාහාතකට අපේක්ෂා කරන අයෙක් නොවන බවත් ,ඔහු තමාව ගෞරවයෙන්,සෙනෙහසින් තිරසාර ලෙසම හිමිකරගන්නට වෙර දරන බවත් කලූ වහා තේරුම් ගත්තාය.
''මම හොඳ කෙනෙක් නෙමෙයි...''කලූ පැවසුවේ හඬමිනි.
''ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ... ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්...අනික...ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..'' දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය...!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ...!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි.
''ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා...ඒගොල්ලො මං ගැන හිතන විදිහ...?''තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය.
''කලූ... මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව... ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න...ඒ හොඳටම ඇති...'' දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.
Details
ISBN
9786242040578
පිටු ගණන (Pages)
340
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review