පඳුරට නොව හාවාටම
කලාව කලාව සඳහාමය යන අදහස රජයන කාලයකදී 'ඇත්ත' පත්තරය රටට ගෙනාවේ කලාව ජනතාව සඳහාය යන මතයයි. එදා සිරිලාල් කොඩිකාර මෙන්ම අද ශාන්ත හෙට්ටිආරච්චිද ලියන්නේ ජනතාව සඳහා ලිවීම ලේඛකයාගේ වගකීමය යන මතය හිසින් ගනිමිනි. එදා 'ඇත්තේ’ රංචාගොඩ ළමයා හා අද ‛ඇත්තේ’ පඳුරට නොව හාවාටම සමඟ සංසන්දයකට නොගියද, එදා රංචාගොඩ ළමයා බලවත් වූයේ එහි උපහාසයෙන් බවත් අද පඳුරට නොව හාවාටම කවියේ බලවත්කම ඇත්තේ උපහාසයේ නොව එහි කවි බසෙහි බවත් සඳහන් නොකරම බැරිය. කඨෝර දේශපාලන සිද්ධියක් සරලව, සුගමව කවි කිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙතත්, ශාන්ත ඒ අභියෝගය ජයගන්නේ ඔහුගේ කවි බසෙහි ප්‍රබලකම නිසාය. කවි කොලමක් හැටියට සැලකිය හැකි කවියෙන් කෙරෙන මේ ලියවිල්ල අද සිංහල පත්තරයක ලියවෙන ඒ වර්ගයේ එකම රචනාව වන්නේය.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි 'පඳුරට නොව හාවාටම’ ලියන්නට පටන්ගෙන අවුරුදු තුනකට වඩා නැත. එහෙත් මා දන්නා තරමට ඔහුගේ ලේඛන ජීවිතයට මේ වන විට අවුරුදු පනහකට වැඩිය. රටේ බොහෝ දෙනා කෝපයෙන් විඳවන මෙහි ඇතුළත් අත්දැකීම් උපේක්ෂාවෙන් විඳින්නට ඔහුට හැකි වී ඇත්තේ මේ ජීවන අත්දැකීම් සම්භාරය නිසා විය යුතුය. මේ කෘතියට විෂය වී ඇති රට්ටුන්ගේ කතාබහට ලක්වූ සියල්ල පාඨකයාගේ මතකයේ ඇතැයි නොසිතා කවි නිමිත්ත ගැන සටහනක් ලිවීමට කරදර වෙන්නේද, පාඨක මනස ඔහුට වැටහෙන නිසා යැයි සිතෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.