පරාගේ කෙටිකතා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
parage-ketikatha-parakrama-ekanayake-nimansa

කෙටි කතාව වෙනම අනන්‍යතාවයක් හිමිකරගත් කලාත්මක සාහිත්‍ය මාධ්‍යක්. සෑම අකුරක්ම, සෑම වචනයක්ම, සෑම වාක්‍යයක්ම, අකුරු අතර ඇති සෑම හිඩැසක්ම අපිට අළුත් යමක් හිතන්ට පොළඹ වන්නේ නැති නම් ඒ කෙටි කතාව නිකම්ම ලියවිල්ලක්.

පරා ගේ කෙටිකතා එකතුවේ ඇති හැම කෙටි කතාවක්ම අකුරේ වටිනාකම ඉක්මවා යන විශේෂ ගුණයකින් යුක්තයි. ඔහු ලියන දේ කියවන විට අපේ අත්දැකීමේ තරමට, චිත්ත රූප මැවී පෙනීම මෙහි ඇති විශේෂ ගුණාංගයක්. ඒ නිසාම පරා ගේ කෙටිකතා පොතට චිත්‍ර ඇඳීමේදී මගේ මාධ්‍ය ඉතා රසවත්ව විඳිමින් නිර්මාණාත්මකව හැසිරීමට මට ද හැකි විය. පොතක නිර්මාණාත්මක චිත්‍ර භාවිතය ගැන අපේ පාඨකයන්ට අත්දැකීම් තිබුණත්, ඒ විෂය උසස් මට්ටමට වර්ධනව වී ඇති බවක් නොපෙනේ. ඒ නිසාම පරාක්‍රම ඒකනායක ගේ මේ උත්සාහය තවත් පැත්තකින් මේ මාධ්‍යයේ වර්ධනයට රුකුලක් විය හැකිය.

මේ පොත කියවන විට වෘතිකයෙකු වශයෙන් කටයුතු කරන රූපවාහිනී මාධ්‍ය හැසිරවීමේ දී ඔහු ලැබූ අත්දැකීම්ද එකතු වී ඇති බවක් දැනේ. ඉහත කරුණු නිසාත්, තවත් විශේෂතා නිසාත්, මේ පොත ඇසුරේ දී ඔබ ගේ අත්දැකීම්, නිම් වළලු තව තවත් පුළුල් වෙනවාට සැකයක් නැත. 

ශාන්ත කේ. හේරත්

Author පරාක්‍රම ඒකනායක - Parakrama Ekanayaka (3)
Publisher නිමන්සා ප්‍රකාශන - Nimansa Prakashana (64)
More Information
ISBN 6245658411
පිටු ගණන 96
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පරාගේ කෙටිකතා
Back to Top