පරාගේ කෙටිකතා
කෙටි කතාව වෙනම අනන්‍යතාවයක් හිමිකරගත් කලාත්මක සාහිත්‍ය මාධ්‍යක්. සෑම අකුරක්ම, සෑම වචනයක්ම, සෑම වාක්‍යයක්ම, අකුරු අතර ඇති සෑම හිඩැසක්ම අපිට අළුත් යමක් හිතන්ට පොළඹ වන්නේ නැති නම් ඒ කෙටි කතාව නිකම්ම ලියවිල්ලක්.
පරා ගේ කෙටිකතා එකතුවේ ඇති හැම කෙටි කතාවක්ම අකුරේ වටිනාකම ඉක්මවා යන විශේෂ ගුණයකින් යුක්තයි. ඔහු ලියන දේ කියවන විට අපේ අත්දැකීමේ තරමට, චිත්ත රූප මැවී පෙනීම මෙහි ඇති විශේෂ ගුණාංගයක්. ඒ නිසාම පරා ගේ කෙටිකතා පොතට චිත්‍ර ඇඳීමේදී මගේ මාධ්‍ය ඉතා රසවත්ව විඳිමින් නිර්මාණාත්මකව හැසිරීමට මට ද හැකි විය. පොතක නිර්මාණාත්මක චිත්‍ර භාවිතය ගැන අපේ පාඨකයන්ට අත්දැකීම් තිබුණත්, ඒ විෂය උසස් මට්ටමට වර්ධනව වී ඇති බවක් නොපෙනේ. ඒ නිසාම පරාක්‍රම ඒකනායක ගේ මේ උත්සාහය තවත් පැත්තකින් මේ මාධ්‍යයේ වර්ධනයට රුකුලක් විය හැකිය.
මේ පොත කියවන විට වෘතිකයෙකු වශයෙන් කටයුතු කරන රූපවාහිනී මාධ්‍ය හැසිරවීමේ දී ඔහු ලැබූ අත්දැකීම්ද එකතු වී ඇති බවක් දැනේ. ඉහත කරුණු නිසාත්, තවත් විශේෂතා නිසාත්, මේ පොත ඇසුරේ දී ඔබ ගේ අත්දැකීම්, නිම් වළලු තව තවත් පුළුල් වෙනවාට සැකයක් නැත.
ශාන්ත කේ. හේරත්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.