පරම විස්සාසිකා - කෙටිකතා සංග්‍රහය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
parama-wissasika-thamodya-prasadi-akura-book-publishers

වසර තුනකට පෙර දිනයක 'පර්ලිනා’ නමින් පොතක් කියවන්නට ලැබුණි.

සඳහන්ව තිබුණේ එය ලේඛිකාවගේ ප්‍රථම නවකතාව බවයි.

ලේඛිකාවගේ සරල බස්වහර නිසා පාඨකයාව පොතට බැඳ තබා

ගත්තද, එය මහත් පරිශ්‍රමයක් දරා ලියූ පොතකි. නවක ලේඛිකාවකගෙන්

බලාපොරොත්තු විය නොහැකි පොතකි. සාහිත්‍ය ලෝකයට ඇතුළු වීමේ

පහසු ජනප්‍රිය ක්‍රම තිබියදී, මේ තරුණ නවක ලේඛිකාව, එනම් තමෝද්‍යා

ප්‍රසාදි ජයරත්න තම සිතැඟි අනුව යමින්, තෝරා ගත් කර්කශ

අභියෝගය ජය ගත් ආකාරය මසිත ඇති කළේ පුදුමයකි.

 

තමෝද්‍යා මනා සංයමයකින් ලේඛනකරණයේ යෙදෙන්නියකි. ඇගේ

අනෙක් නවකතාවල මෙන්ම මේ කෙටිකතා සංග්‍රහයේ සියලුම නිර්මාණ

අරක් ගෙන ඇත්තේ ඒ සංයමයයි. ඉතා සීරුවෙන් චරිත, සිද්ධි

ගොඩනගමින් කතාව විසින් ඉල්ලා සිටින ආකෘතිය මැනවින් තෝරා

ගන්නට ඇය දක්වන්නේ මනා දක්ෂකමකි. සුවිශේෂ හැකියාවකට හිමිකම්

කියන මේ තරුණ ලේඛිකාව අනාගත ලාංකික සාහිත්‍යය ක්ෂේත්‍රයේ

ශක්තිමත් ස්ථාවරයක් ගොඩ නගා ගනු නියතය.

අපේ අනාගත සාහිත්‍යය බාර ගන්නා ලේඛිකාවන් අතරට ඇය මේ වන

විටත් ඇතුල්ව සිටී. මේ අපූරු කෙටිකතා සංග්‍රහය එයට හොඳම

සාක්ෂියයි.

- ප්‍රවීණ ලේඛක මංජුල සේනාරත්න -

Author තමෝද්‍යා ප්‍රසාදි ජයරත්න - Thamodya Prasadi Jayarathna (4)
Publisher අකුර ප්‍රකාශන - Akura Book Publishers (239)
More Information
ISBN 9786242090016
පිටු ගණන 112
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පරම විස්සාසිකා - කෙටිකතා සංග්‍රහය
Back to Top