පරම විස්සාසිකා - කෙටිකතා සංග්‍රහය
වසර තුනකට පෙර දිනයක 'පර්ලිනා’ නමින් පොතක් කියවන්නට ලැබුණි.
සඳහන්ව තිබුණේ එය ලේඛිකාවගේ ප්‍රථම නවකතාව බවයි.
ලේඛිකාවගේ සරල බස්වහර නිසා පාඨකයාව පොතට බැඳ තබා
ගත්තද, එය මහත් පරිශ්‍රමයක් දරා ලියූ පොතකි. නවක ලේඛිකාවකගෙන්
බලාපොරොත්තු විය නොහැකි පොතකි. සාහිත්‍ය ලෝකයට ඇතුළු වීමේ
පහසු ජනප්‍රිය ක්‍රම තිබියදී, මේ තරුණ නවක ලේඛිකාව, එනම් තමෝද්‍යා
ප්‍රසාදි ජයරත්න තම සිතැඟි අනුව යමින්, තෝරා ගත් කර්කශ
අභියෝගය ජය ගත් ආකාරය මසිත ඇති කළේ පුදුමයකි.
තමෝද්‍යා මනා සංයමයකින් ලේඛනකරණයේ යෙදෙන්නියකි. ඇගේ
අනෙක් නවකතාවල මෙන්ම මේ කෙටිකතා සංග්‍රහයේ සියලුම නිර්මාණ
අරක් ගෙන ඇත්තේ ඒ සංයමයයි. ඉතා සීරුවෙන් චරිත, සිද්ධි
ගොඩනගමින් කතාව විසින් ඉල්ලා සිටින ආකෘතිය මැනවින් තෝරා
ගන්නට ඇය දක්වන්නේ මනා දක්ෂකමකි. සුවිශේෂ හැකියාවකට හිමිකම්
කියන මේ තරුණ ලේඛිකාව අනාගත ලාංකික සාහිත්‍යය ක්ෂේත්‍රයේ
ශක්තිමත් ස්ථාවරයක් ගොඩ නගා ගනු නියතය.
අපේ අනාගත සාහිත්‍යය බාර ගන්නා ලේඛිකාවන් අතරට ඇය මේ වන
විටත් ඇතුල්ව සිටී. මේ අපූරු කෙටිකතා සංග්‍රහය එයට හොඳම
සාක්ෂියයි.
- ප්‍රවීණ ලේඛක මංජුල සේනාරත්න -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.