Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / පාර්ලිමේන්තුවේ බලහත්කාරය

පාර්ලිමේන්තුවේ බලහත්කාරය Hard Bind

ප්‍රකාශක (Publisher): C&S Publishers
About this book

කතුවරිය, දේශපාලන විද්‍යාව පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාවත් ඇය ලබා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනි. ගුවන් විදුලිය රූපවාහිනිය සහ පුවත්පත යන මාධ්‍යත්‍රයේම කෘතහස්ත ජනමාධ්‍යවේදනියක් වන ඇය පාර්ලිමේන්තු විෂය කෙරෙහි ප්‍රවීණයෙකි. නදීරා, දශක දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය කටයුතු සම්බන්ධ විවිධ වෘත්තීන්හි නියැලෙමින් සිටී. මේ වනවිට ද ඇය ජනාධිපති ජනමාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරියයි.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය, පාර්ලිමේන්තුවට අදාල නීති ර්ති සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව පර්යේෂණාත්මක ලේඛන ප්‍රකාශයට පත් කරන්නට ඇයට විවිධ අවස්ථාවලදී හැකි විය. එමෙන්ම විවිධ වැඩමුළුවලදී ඇය මේ පිළිබඳ කැපී පෙනෙන දේශකවරියකි.

මේ පොතෙහි විස්තර කෙරෙන පාර්ලිමේන්තුවේ බලහත්කාරය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඇතැම් අවස්ථාවලදී ඇය මේවායේ ඇසින් දුටු සාක්ෂිකාරියක වී තිබේ. නදීරා මඩුගල්ල තමන් විසින් විසි වසරක් තුළ සමීපව ලත් අත්දැකීම් සහ එකතු කරගත් දැණුම තුළින් පාඨක ලෝකයට එක් කරන “පාරිලිමේන්තුවේ බලහත්කාරය" ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විදහාපාන අපූරු කැඩපතකි.

ISBN
9786249381902
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාර්ලිමේන්තුවේ බලහත්කාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.