Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පාසලක් වේ නම් යම්
About this book
''නොලියා ම බැරි නිසා'' තුළන් ඔබ තුමා හැදින්නෙමි.ඔබ තුමා තුළින් ගුරුවරයා යනු කවුරුන්දැයි හැදින්නෙමි.

දරුවෙකුගේ ළමා කාලය ගත කරන සුන්දරම ස්ථාන දෙක නම්, නිවස හා පාසලයි.එයින් දරුවාගේ කායික මානසික හා බුද්ධිමය වර්ධනය මෙන් ම මනෝභාවයන් සමඟ අධ්‍යාත්මය කරා යොමු කරන්නා වු මුලික අඩිතාලම සපයන ස්ථානය පාසලයි.දරුවා මෙහි දී ගෙදර දොර පරිසරය සේ ම ගුරුවරුන් දකින්නේ තමාගේ මව් පියන් මෙන්ම ආදරය, කරුණාව, සෙනෙහස, උපේක්ෂාව, සමානාත්මතාව ආදී ගුණාංග වලින් යුත් මහා දැවැන්ත පෞරුෂයකින් හෙබි පිරිසක් ලෙසය.මෙම වටිනාකම බොහෝ අවස්ථාවල රැකගන්නවා මෙන්ම සමහරක් අවස්ථාවල දී දරුවාගේ ආත්මාභිමානය බිඳ වැටී සතුට සොම්නස අහිමි වී යන අවස්ථා ද තිබිය හැකිය.එසේ ම අධාපනයට දක්වන සැලකිල්ල මෙන්ම පාසල සහ ගුරුවරයා කෙරෙහි ඇති වන වෛරය, ක්‍රෝධය, ද්වේෂය, පලිගැනීම දක්වා ම යන අවස්ථා දැක ගත හැකිය.සත්‍ය සුන්දර ද?.නොලියා ම බැරි නිසා වැනි මා අත්දුටු කෘතිවල සදහන්ව තිබූ ආකාරයට හුදෙක් බාධාවන් ඇත් නම් එවැනි තත්වයක් වෙනස් කරමින් යහපත් දයාබර ගුරු පරපුරක් බිහි කිරිමට කෘතහස්ත ලේඛකයකු වු කරුණාතිලක හදුන්පතිරන ගුරු පියාණන් ගන්නා උත්සහය මහත් ප්‍රසංශනීය බව මගේ හැගීමයි.

මනෝ වෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණි ජයසිංහ

ISBN
9789556911923
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාසලක් වේ නම් යම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.