Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / පැසුණු වී කරලක්

පැසුණු වී කරලක්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඡන්දසත් එහි අවයව වූ විරිතත් සිංහල කවිය සමග බැදී ඇත්තේ එහි උපතේ සිට ය. පසුකාලීනව අරුත අප්‍රධාන වී ශබ්දාලංකාර පෙරටු කරගැනීම නිසා සඳැස් කවියේ අගය යම් පමණකට පිරිහී ගිය ද, අදත් විරිත සහ සඳැස සමග බුහුටිකම් පාන කවීන් දැකගත හැකි ය. රුවන් රත්නායක එබඳු ප්‍රතිභාවන්තයෙකි.

සොබාදමේ සුන්දර නැති යටි සිත්වල  දිස්වුණු

පබා හරිත සිත් ගැඹුරේ සිතිවිලි එක්  රැස්වුණු

තබා ඉඩක් මේ වියැකෙන සරසවියට  හිස්වුණු

ලබාගන්න දගලන්නෙමි කලා කෙතක  අස්වනු

 

එළිය කවියට එළියක් මිස වැටක්ව යා නොදී රුවන් අර්ථ මුලික සෞන්දර්යයක් සොයා යයි. "කම්කරුවා" විසින් ඔහු ලියන කවියක රුවන්ගේ දෘෂ්ටිවාදී ආස්ථනය පැහැදිලි වෙයි.

ළත වෙයි ඔවුන් සවිබල යැද යැද  ගතෙහි

ඇත වටිනාකමක් ඉන් උපයන  සතෙහි

නැත. මිල මුදල් සුළු කම්කරුවගෙ  අතෙහි

සිත උණුවේ ද පෙළපත් ලිව්වට  පොතෙහි

 

සමුද්‍රඝෝෂයෙහි දස අටමත් විරිත තුළ රැදෙමින්, තිශ්‍රජාති සහ චතුරශ්‍රජාති ආදී මත් කැටි ඇසුරෙහි විවිධ හැඩතල නිමවා ගන්නට ද රුවන්ට හැකිවේ.

පහදා දීදී තම සිතටත්  සමාව

නහවා දම් ගඟුලේ ලබනට  කමාව

දහමෙහි සෙවණ තුළ යොදවා  තමාව

අහවර කරනු මැන සසරෙහි  නිමාව

 

- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ -

ISBN
9786249915909
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැසුණු වී කරලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.