Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

නූතන සිංහල කවියේ අලුත් අකුර, චතුරි....

'නාය යන්නට කලින් මල් අහුරු
ලියමු අපි අලුත් කවියක අකුරු'

නූතන සිංහල කවියට අලුත් කවි අකුරු මුසු කරන අලුත් කිවිඳිය, චතුරි දමයන්ති ගිලිමලේ සමනල මහා විද්‍යාලයේ සහ රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. වර්තමානයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ සිව්වන වසර උපාධි අපේක්ෂිකාවකි.

'පාළු ගෙදර බෝනික්කා' නම් ළමා පොතත්, විචාරක පැසසුම් ලද 'බහිරවගලේ නිධානය' නම් යොවුන් නව කතාවත් රචනා කරමින් හෙළ සාහිත කෙත පෝෂණය කළ චතුරි මෙවර 'පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන' නම් සොඳුරු කවි පොත සමාජගත කරයි. එහෙත් මෙයට පෙර ද ඇගේ මහරු කවි සිත හඳුනාගැනීමට අපට අවකාශ ලැබිණ. ඒ ඇය වෙනත් නූතන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සිය කවි සමාජගත කළ බැවිනි. ඉන් බොහෝමයක් අපගේ විවිධ දේශනවලදී ද භාවිතයට ගනු ලැබුණේ ඒවා අර්ථකර මෙන් ම හෘදයාංගම වූ බැවිනි.

තමාට ම ආවේණික මිසුරු කවි බසෙකින් සොඳුරු කවි ලියන මහරු හදැති තුරුණු කිවිඳී චතුරි දමයන්තිියට ඉතා ආදරයෙන් සුබ පතමි.

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
භාෂා, සංස්කෘතික අධ්‍යයන සහ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

ISBN
9789554788572
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.