Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෝලා

පෝලා

About this book
1991 දෙසැම්බරයේ එක් දිනෙක තමන්ගේ අලුත්ම නවකතාවේ දොරට වැඩුම් උත්සවයකට බාසිලෝනාවේදී සහභාගි වෙමින් සිටින අතර සුප්‍රකට චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අය්යන්දේට ඇගේ සාහිත්‍ය ඒජන්වරිය රහසින් හදිසි පණිවිඩයක් කීවාය. ඒ ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණිය, පෝලා, බොහෝ සේ ගිලන්ව මැඩ්රීඩ්හි රෝහලකට ඇතුළත් කළ බවයි. ඈ ක්ෂණිකව පෝලා වෙත පියාසර කළාය නිමක් නැති නින්දකට පත්වන්නට මොහොතකට පෙර අවසන් වරට පෝලා කීවේ මෙපමණකි: "මම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේ ඉන්පසු පෝලා කිසි දිනෙක යළිත් අවදි නොවුණාය. අතිශයින් දුර්ලභ රෝගී තත්ත්වයකැයි වෛද්‍යවරුන් හඳුනාගන්නා රෝගකයට ගොදුරු වු පෝලා ඉන් වසරකට පසුව ඉසබෙල් අය්යන්දේගේ දෑත් මත්තෙහි සදාකාලික නින්දට පිවිසුණාය. "මට ගන්න ඉතිරි වෙලා තිබුණේ තීරණ දෙකයි." ඉසබෙල් මතකය අවදි කරමින් කියයි. "එක්කෝ දිවි නසා ගන්න එක, එහෙම නැත්නම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක." 'පෝලා' දිවි නසා නොගත් ඒ මව ලියූ අනුවේදනීය මතක සැමරුමයි.
ISBN
9558033723
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෝලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.