Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පැණි වළලු - 1

පැණි වළලු - 1

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

'පැණි වළලු' දැනට ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවන ජනප්‍රිය තීරු ලිපියකි. 2010 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ 'පැණි වළලු' තීරු ලිපි මෙම කෘතියෙහි සංග්‍රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමඟ මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප්‍රකාශනයක්

ලෙස කියවන්නාට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් ඛේදයකින් තොර ව පාඨක හද බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවි ව මෙහි එන ලිපිවල පෙනී සිටියි. කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා දුක දොම්නස කැටුව එන අපූර්ව චරිත ලෙස හැඟී යයි. නවකතාකරුවකුගේ රූපණ විලාසයෙන් ඉදිරිපත් කරන මෙම තීරු ලිපිවල අවසානයේ පිඬුකොට දක්වන ජීවන දර්ශනය ජීවිතයේ අනිත්‍යතාව පිළිබිඹු කරන්නකි. එය පාඨක හද කම්පාවට පත් කරයි.

මෙහි කතුවරයා වන මහාචාර්ය ගංගානාත් දිසානායක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ද, ස්වාධීන රූපවාහිනී සේවයේ හා ලක්හඬ ගුවන් විදුලියේ ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ද, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේ ද සභාපති වශයෙන් කටයුතු කළ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය උපදේශක ලෙස ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ලේකම් ලෙස ද සේවය කළේය. ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් රඟහල පදනම, සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යන ආයතනවල අධ්‍යක්ෂ සහ උපදේශක ධුර දැරූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශ ප්‍රධාන වශයෙන් ද කටයුතු කළ අතර වර්තමානයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරයි.

ISBN
9789553032843
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැණි වළලු - 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.