පේරාදෙණි මතක
මෙම කෘතියේ අඩංගු වන්නේ කතුවරායා හැත්තෑව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරත වෙමින් සිටියදී ලද අත්දැකීම් ය. විශේෂයෙන් මීට දශක පහකට පමණ පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයෙ1970 මැද භාගයේ පේරාදෙණි සරසවියේ පැවැති ශිෂ්‍ය අර්බුද සමයේ එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් ක්‍රියා කළ සරත් ලියනගේ විසින් රචිත ''පේරාදෙණි මතක” ''70 දශකයේ ශිෂ්‍ය නායකයෙකුගේ අත්දැකීම් සමුදාය” වර්තමාන විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල නිල තනතුරු දරණ ශිෂ්‍යයන් පමණක් නොව පොදුවේ විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම සරසවි බලධාරීන් ද කියවිය යුතු කෘතියක් ලෙස නම් කිරීමට මම මැලි නොවෙමි. සරසවි ශිෂ්‍ය අර්බද පැවැති සමයක විශේෂයෙන් විශාල ශිෂ්‍ය සඛ්‍යාවත් අධ්‍යාපනය ලබන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සගමයේ සභාපති තනතුර දැරීම ඇත්ත වශයෙන් ම භාර දූර වගකීමක් මෙන්ම ඉමහත් අභියොගයක් ද වේ. එවන් පරිසරයක් තුළ උපායශීලීව හා කාර්යක්ෂමව ශිෂ්‍ය නායකයකුගේ භූමිකාව තේරුම් ගෙන සරත් ලියනගේ කළ මෙහෙය මෙම කෘතිය තුළින් අනාවරණය වේ. පැවැති අර්බුදකාරී තත්ත්වය මෙම කෘතියේ විස්තර කර ඇත. විශ්ව විද්‍යායල ඉතිහාසයේ ප්‍රථම වරට පොලීසිය සිසුවෙකු වෙඩි තබා ඝාතනය කරන ලද්දේ 1976 නොවැම්බර් 12 වන දාය. එය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය. සිසු ඝාතනය පිළිබඳ පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් ප්‍රධාන සාක්ෂිකරු වූයේ එකල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය දැරූ කතුවරයා ය. එම ඝාතනයට අදාළ සියළු විස්තරද මහා ශිෂ්‍ය සංගමය විසින් ඉටු කරන ලද සෙසු කාර්යයන් මෙන්ම විශ්ව විද්‍යාලයෙන් පිට වීමෙන් පසු කතුවරයා ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරත වෙමින් ලද අත්දැකීම්ද මෙම කෘතියේ අඩංගුය.
සිසු ව්‍යාපාරය වෙනුවෙන් මහත් කැපවීමකින් හා දූරදර්ශීව කටයුතු කර ඇති පේරාදෙණී මහා ශිෂ්‍ය සංගමය පැවැති අර්බුදකාරී තත්ත්වය මනාව තේරුම් ගෙන කටයුතු කිරීම නිසා තවත් ජීවිත කිහිපයක් අහිමි වීමට තිබූ අවස්ථාව වැළකී ඇත. මෙම කෘතියේ විස්තර වෙන්නේ අප්‍රතිහත ධෛර්යෙන් හා අධිශ්ඨානයෙන් කටයුතු කර අති ආකාරයයි. ''පේරාදෙණි මතක'” නමැති මෙම මාහැඟි කෘතිය මඟින් මෙරට සරසවි සිසුන් ඇතුළු නූතන ශිෂ්‍ය පරපුරට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බව කිව යුතුය.
සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා.
(සමාජ විද්‍යා අංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.