පෙත්සම රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1961
ලීල් ගුණසේකර
පෙත්සම
ලංකා සිවිල් සේවය බැබළ වූ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලීල් ගුණසේකර ප්‍රසිද්ධය. රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාෂයෙන් ඔහු ලියූ ‘පෙත්සම’ නවකතාව 1962 දී සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබීය. පෙත්සමෙහි බස ලිහිල්ය. ප්‍රාණවත්ය. නිර්මාණාත්මකය. එකල රජරට ජනතාවගේ අපූරු ජීවිත අරුත් පෙත්සමෙන් ගෙන දෙයි. නූතන පරම්පරා පරතරය සමඟ නව අරුත් ඔප් නංවන පෙත්සම වැදගත් සාහිත්‍ය උරුමයකි. ඉන්පසුව ලියන ලද ‘අත්සන’ සහ ‘මං නැතිදා’ නවකතා ද එසේමය. ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන ලීල් ගුණසේකර සිංහල ලේඛක සංවිධානයේ 1967 වසරේ ආරම්භක සභාපතිවරයා වූ අතර අද දක්වා එම තනතුර හොබවයි.
ශ්‍රී ලංකාවේ විවිධ තනතුරු අතර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු රජයේ ඇමති මණ්ඩලයේ ලේකම් පදවිය ද ලන්ඩන් හි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කටයුතු පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ලෙස ද පසුව බැංකොක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජ සංවර්ධන කලාපීය උපදේශක ලෙස ද කටයුතු කිරීමේ භාග්‍යය ලීල් ගුණසේකරයනට හිමි විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනසූරී (Ph.D) උපාධිය සමත්වූ ආචාර්ය ලීල් ගුණසේකර විවිධ සමාජ සේවාවන් සඳහා දේශනේතෘ, රාජ්‍ය සම්මානය ඇතුළු නොයෙක් සම්මානයන් ලබා ඇති අතර ප්‍රජා සංවර්ධනය සඳහා සර්වෝදය ජාතික සම්මානයෙන් ද උපහාර ලැබීය.
ලීල් ගුණසේකරයන්ගේ අසූවිය සනිටුහන් කිරීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අභිනන්දන රාජ්‍ය උත්සවයේදී ‘ආචාර්ය ලීල් ගුණසේකර අභිනන්දන සමාචාර’ උපහාර ග්‍රන්ථය සමඟ විශේෂ ජනාධිපති සම්මානය ද පිරිනමනු ලැබීය. ජීවිතයට වයස එකතු කරනු වෙනුවට වයසට ජීවය එකතු කරන ලීල් ගුණසේකර නම් ජ්‍යෙෂ්ඨ පරිපාලකයා අභිබවා කෘතහස්ථ ලේඛකයා ඉස්මතු වී ඇත. ඒ සැමටම මුල්වූයේ වාසනාවන්ත ‘පෙත්සම’ නවකතාව බව ඔහුගේ පිළිගැනීමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.