Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කරුවල ගෙදර

කරුවල ගෙදර

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"අම්මා දැන් වයසට ගිහිල්ල. වයසක මිනිස්සු ඔහොම තමයි. ඒගොල්ලන්නෙ අදහස් වෙනස් කරන්න බැහැ" යි නිමල් තම මවට දොස් නැඟු, විමලාට කීවේය. "හැමදාම මෙයා කියන්නේ අම්මගෙ වයස ගැන" යි විමලා තරහයෙන් කීවාය. "අම්මා තාම හිතන්නේ එයා ඉලන්දාරි ගෑණියෙක් කියා. අම්මගෙ ඔළුවෙ ඉදුණු කෙස් ගහක්වත් නෑ. අම්ම ඕව කරන්නේ ආඩම්බරකමට. තාත්තාට නම් වයස වැඩියි. නමුත් තාත්ත අම්ම වගෙ නෙවි." "ගෑනු උදවිය පිරිමි වගෙ නෙවි. විමලාගෙ අම්මා වස කාලා මැරුණු එක අම්මට මතක නැති කරන්න බැරුව ඇති." "වස නොකෑවට මෙයාගෙ අම්මගෙ විත්ති මම අහල තියෙනව" යි විමලා කෝපයෙන් කීවාය. "කට වහගනින්" යි නිමල් දැඩි ස්වරයෙන් තෙපලේය. "අපි කසාද බැඳලා අවුරුද්දක් වෙනව. තාම මෙයා අම්මලයි ගෙදරට මාසෙකට සැරයක් හාල් ගෝනියෙකුයි මාසෙකට ඇති වෙන්න සිල්ලර බඩුයි යවනව. මම ගෙදර වැඩ කරන්කෙ අරපිරිමහගෙන. මම අක්කට මොකුත් ඇරියම මෙයා ඒකට වැඩිය කැමති නෑ".

කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වුයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳ සියුම් විස්තරයත්ය. පැරණි කොග්ගල පිළිබඳ කතුවරයාගේ අත්දැකීම් ඔහු තුල අමරණියව පවතින බව මෙහි එය නිරූපනය කොට ඇති ආකාරයෙන් පෙනේ.කරුවල ගෙදර නිර්මාණය කිරිමේදි ... බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයන් කර්තෘ ප්‍රකාශ කරයි.එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි.''රතුහාමිගෙ'' චරිතය මතක් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.

ISBN
9558415545
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කරුවල ගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.