Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මඩොල් දූව

මඩොල් දූව

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු."

-ආචාර්ය අයි. ස්කාවෙජ්-

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.

ISBN
95584150499
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. මඩොල් දූව
    මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචනා කරන ලද මඩොල් දූව කියන්නේ ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ අමරණීය සම්භාව්‍ය නවකතාවක්. ග්‍රාමීය ජීවිතයේ සුන්දරත්වය, ළමා වියේ නිදහස, මිත්‍රත්වය සහ ජීවිතයේ වගකීම් ඉතා සරල නමුත් ගැඹුරු ආකාරයෙන් ඉදිරිපත් කරන මෙම කෘතිය අදත් සෑම වයස් කාණ්ඩයකම පාඨකයන්ගේ ආදරය දිනාගෙන තියනව.

    කතාව ප්‍රධාන වශයෙන් උපාලි ගිනිවැල්ල සහ ඔහුගේ හොඳම මිතුරා ජින්නා වටා ගෙතිලා තියනවා. ඔවුන්ගේ දඟකාරකම්, වික්‍රමාන්විත අත්දැකීම් සහ අවසානයේ මඩොල් දූව දූපතේ තමන්ගේම ජීවිතයක් ගොඩනඟා ගැනීමට ගන්නා උත්සාහය පාඨකයාගේ සිත තදින්ම ස්පර්ශ කරනවා.

    මෙම නවකතාවේ විශේෂත්වය වෙන්නේ එය හුදෙක් ළමා වික්‍රමාන්විත කතාවක් නොවීමයි. දඟකාර ළමයෙකු වගකීම් දරන, ජීවිතය තේරුම් ගන්නා තරුණයෙකු බවට පරිවර්තනය වන ආකාරය ඉතා ස්වභාවික ලෙස නිරූපණය කරලා තියනවා. ගැමි පරිසරය, කලපු, දූපත් සහ එදා සමාජ ජීවිතය පිළිබඳ ලේඛකයාගේ විස්තර පාඨකයා එම ලෝකයටම රැගෙන යනවා.

    මාර්ටින් වික්‍රමසිංහගේ සරල නමුත් ජීවමාන භාෂා ශෛලිය නිසා මඩොල් දූව අදත් අලුත් බවක් දැනෙන කෘතියකි. මිත්‍රත්වය, ස්වයං විශ්වාසය, කැපවීම සහ ජීවිතයේ සැබෑ වටිනාකම් පිළිබඳ අපූරු පණිවිඩයක් මෙම පොත තුළ සැඟවිලා තියනවා

    ළමා වියේ දඟකාර සිහින, සැබෑ ජීවිතයේ වගකීම් සහ නොමැකෙන මිත්‍රත්වය එකට ගෙත්තම් කළ ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ අගනා කෘතියක් විදිහට මේ පොත හදුන්වා දෙන්න පුලුවන්

    Anjali ·
  2. Kvns
    Madolduwa
    Binusha ·
Write a review

You're reviewing: මඩොල් දූව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.