පිටසක්වළ ජීවයක් පවතී ද
පිටසක්වළ ජීවයක් පවතීද? කෘතිය සිංහල පාඨකයින්ට කලකින් කියවන්නට ලැබෙන කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි.
එදා මෙදාතුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වු මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි.
පිටසක්වළ ජීවයක් පවතින්නේද යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරු ද මෙහි ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.ඒ සදහා නිදසුන් හා වාර්තාගත සිදුවීම් රාශියක් මෙහි එයි. පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්ථා පිලිබඳ වාර්තා මීට පක්ෂව ඉදිරිපත් කර ඇති විශේෂ තැනක් ගනියි. පිටස්තර ජීවින් පැමිණිමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක් (CD) කෘතිය සමඟ (පළමු සංස්කරණය සමඟ) ලබාගත හැකි වීම සිංහල පාඨකයාට අලුත් අත්දැකීමක් විය. පිටසක්වළ අභ්‍යාවකාශය පමණක් නොව පෘථිවියේ ජීවය එහි සම්භවය ජීවයේ රසායනික සහ ජීව විද්‍යාත්මක පදනම වැනි අමතර දැනුම් සම්භාරයක් ද මේ කෘතියෙන් පාඨකයාට ලැබෙයි.ඒ සදහා කලක පටන් ශ්‍රි ලංකීය තාරකා විද්‍යා කේෂත්‍රයේ ක්‍රියාකාරීව නියැලීමෙන් ලද අත්දැකීම් මෙන්ම ක්ෂුද්‍රජීව විද්‍යා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව නියැළීමෙන් ලද අත්දැකීම් මෙන්ම එක සේ ඉවහල් වන්නට ඇත. පවත්නා දැනුමක් වුව වඩාත් ආකර්ෂණිය මුහුණුවරකින් ඉදිරිපත් කිරිමේ කුසලතාවකින් හෙබි කතුවරිය එකී කුසලතාව නැවත වරක් ප්‍රදර්ශනය කළ අවස්ථා ලෙස මේ පොත හඳුන්වා දිය හැක.
රාජේන්ද්‍ර කුලසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.