සුළුතර වාර්තාව
About this book
අපරාධයක් සිදු වීමට නියමිත ව තිබිය දී එය කල් තබා දැක, අපරාධකරුවා අත්අඩංගුවට ගෙන සිරගෙට යවන ක්‍රමයක් පැවතිය හොත් කුමක් සිදු වනු ඇත් ද? එවැනි සමාජයක ජීවත් වන්නකුට කෙබඳු සුරක්ෂිතතාවක් දැනෙනු ඇත් ද? පූර්ව අපරාධ අංශයේ ප්‍රධානී ජෝන් ඇන්ඩර්ටන්ගේ ඒ සිහිනය ජාන විපර්තයන්ගේ අනාගතය දැකීමේ හැකියාවෙන් සැබෑවක් බවට පත් වේ. පූර්ණ වශයෙන් අපරාධවලින් තොර උතෝපියාවක් බිහි කිරීමට ඔහු සමත් වේ. එහෙත් එවැනි ස්ථිරතාවකින් අනාගතය ගැන පුරෝකතනය කළ හැකි ද?
ප්‍රකට අමෙරිකානු ජාතික විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු වන පිලිප් කේ. ඩික් විසින් ලෝක විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට එක් කරන ලද නිර්මාණ රාශිය අතරින් වඩාත් ජනප්‍රිය ම ප්‍රබන්ධය ලෙස ගැනෙන්නේ “සුළුතර වාර්තාව” ය. ලෝක පූජිත සම්මානනීය සිනමාකරුවකු වන ස්ටීවන් ස්පීල්බර්ග් අතින් මේ ප්‍රබන්ධය සිනමාවට නැඟීම ද ඊට එක් හේතුවක් විය හැකි ය. එසේ වුව ද, පිලිප් කේ. ඩික්ගේ මුල් ප්‍රබන්ධය සිනමාපටයට වඩා බෙහෙවින් වෙනස් ම නිර්මාණයක් බව මෙය කියවන පාඨකයාට ප්‍රත්‍යක්ෂ වනු ඇත.
Details
ISBN
9786245710775
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review