පළිඟු බිත්තරය
Wells-Asimov-Dnieprov-Strugatskies-Bradbury-K. Dick
The Crystal Egg
පළිගු බිත්තරය
ප්‍රහාත් මිරිහාගල්ල
එ තුළින් තාරකා දිලුණේ ය!
ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස් වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තරු සංඛ්‍යාවක් නො වේ. ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේ ය. ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින් ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
තෙරිමොන් වැනි වැනී දෙ පයින් නැඟිට ගත්තේ ය. ඔහුගේ උගුරෙහි හුස්ම හිර වෙන ගතියක් දැනිණි. අධික භීතියකින් ඔහුගේ සිරුරේ සෑම මාංස පේශියක් ම ඇඹර් යන්නාක් වැනි වී ය. ඔහුට දැනුණු භීෂණය දරාගත නොහැකි වී ය. ඔහුගේ පියවි සිහිය අහිමි වී යමින් තිබිණි. ඔහු ඒ බව දත්තේ ය. ඔහුගේ මනසේ කිසි යම් හෝ තැනක සවිඤ්ඤාණයේ අවසන් බිඳිත්ත ඒ කාල වර්ණ භීෂණයට එරෙහි ව නිරපේක්ෂ සටනක යෙදෙමින් සිටියේ ය. විශ්වයේ ආලෝකවත් පවුරු බිඳී ඒවායේ කාල වර්ණ කැබැලි ඔහු යට කර තළා පොඩි කර දැමීමට ඇද හැලෙමින් තිබුණාක් මෙන් ඔහුට දැනිණි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.