පළිඟු බිත්තරය
Wells-Asimov-Dnieprov-Strugatskies-Bradbury-K. Dick
The Crystal Egg
පළිගු බිත්තරය
ප්‍රහාත් මිරිහාගල්ල
එ තුළින් තාරකා දිලුණේ ය!
ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස් වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තරු සංඛ්‍යාවක් නො වේ. ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේ ය. ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින් ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
තෙරිමොන් වැනි වැනී දෙ පයින් නැඟිට ගත්තේ ය. ඔහුගේ උගුරෙහි හුස්ම හිර වෙන ගතියක් දැනිණි. අධික භීතියකින් ඔහුගේ සිරුරේ සෑම මාංස පේශියක් ම ඇඹර් යන්නාක් වැනි වී ය. ඔහුට දැනුණු භීෂණය දරාගත නොහැකි වී ය. ඔහුගේ පියවි සිහිය අහිමි වී යමින් තිබිණි. ඔහු ඒ බව දත්තේ ය. ඔහුගේ මනසේ කිසි යම් හෝ තැනක සවිඤ්ඤාණයේ අවසන් බිඳිත්ත ඒ කාල වර්ණ භීෂණයට එරෙහි ව නිරපේක්ෂ සටනක යෙදෙමින් සිටියේ ය. විශ්වයේ ආලෝකවත් පවුරු බිඳී ඒවායේ කාල වර්ණ කැබැලි ඔහු යට කර තළා පොඩි කර දැමීමට ඇද හැලෙමින් තිබුණාක් මෙන් ඔහුට දැනිණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.