Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

About this book

Edgar Rice Burruoghs

Tarzan and The Castaways

ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

ප්‍රභාත් මිරිහාගල්ල

දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප්‍රිකාවේ සිට අමෙරිකාව බලා යාත්‍රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප්‍රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත්‍රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. 

උස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත්‍රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනුව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක්‍රෑර පූජකයන්ට හසු වන ටාර්සන් ද, මිථ්‍යාමය දෙවියන් උදෙසා පූජා කැරෙන බිල්ලක් බවට පත් වෙයි.

එහෙත් ප්‍රබල ටාර්සන් ඒ මිථ්‍යා දෘෂ්ටික පූජකයන් පරදවා තමාට හිමි වීමට නියමිත වූ භයංකාර ඉරණමින් ගැළවෙන්නේ, අනෙකුත් ස්වදේශිකයන් ද මිථ්‍යා දෙවිවරුන්ට බිලි වීමේ ක්‍රෑර ඉරණමින් ගළවා ගනී.

අනෙකුත් ටාර්සන් නව කතාවලට වඩා තරමක් වෙනස් වූ ශෛලියකින් ලියැවී ඇති මේ වන කතාන්දරය, එඩ්ගාර් රයිස් බරෝස් අතින් ලියැවුණු අවසන් ටාර්සන් නව කතාව ද වෙයි. 

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

ISBN
978-955-551-647-1
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.