ව්‍යාඝ්‍ර දඩයම

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
viyagra-dadayama-edger-burroughs-kumara-siriwardhana-dayawansha

EDGAR RICE BURROUGHS

THE ETERNAL LOVER

ව්‍යාඝ්‍ර දඩයම

කුමාර සිරිවර්ධන

ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ ‘THE ETERNAL LOVER’ නවකතාව මෙසේ ‘ව්‍යාඝ්‍ර දඩයම’ නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප්‍රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, දළ සහිත ව්‍යඝ්‍රයන්, පියාඹන දැවැන්ත උරගයන්, ගුහා සිංහයන්, සිරුරු ලොම්වලින් වැඩුණු වානර මිනිසුන් සහිත ජීවිතයකට අගයක් නැති අවධියකටය.

මෙම නවකතාවේ තවත් එක් විශේෂයක් වන්නේ ටාසන් පොත් පෙළෙන් බැහැරව ටාසන් ගේ චරිතය ද මෙයට ඇතුළත්ව තිබීමයි.

මෙම නවකතාව සිංහලට පරිවර්තනය කළේ 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තන නවකතාව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ කුමාර සිරිවර්ධනය.

Author කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556861815
පිටු ගණන 231
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ව්‍යාඝ්‍ර දඩයම
Back to Top
Related Products