Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / පොළොන්නරුව සිද්ධස්ථාන

පොළොන්නරුව සිද්ධස්ථාන

About this book

වර්තමාන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වෙසෙන ප්‍රාමාණික විද්වතෙකු වන සුමිත් රණසිංහ මහතා සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මෙන්ම තර්ක න්‍යාය, ජ්‍යොතිෂ, ඡන්දෝලංකාරාදී පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව ද සුවිශද ඥානයක් සහිත පඬිවරයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයනාංශයෙන් ශාස්ත්‍ර වේදී උපාධිය ලබා ගනිමින් ශාස්ත්‍රීය ලෝකයට පිවිසි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂකයෙකු වශයෙන් පුරා විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූ වෘත්තීය පුරා විද්‍යාඥයෙක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒකරාශී වූ ඥාන සම්භාරය පාදක කරගනිමින් දැනට එතුමන් විසින් රචිත ග්‍රන්ථ සංඛ්‍යාව විස්සකට අධික ය. ඒවා සියල්ලක්ම සමාජ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය පෝෂණය කරන පර්යේෂණාත්මක කෘතීන් ය. එයින් කතරගම් පුවත, කන්දබඩපත්තුව, නූතන තිස්සමහාරාමය, සිරිලක ස්තූප පුරාණය, කිරින්ද යන කෘති පුරා විද්‍යාව මෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට වෙසෙසින් ප්‍රයෝජනවත් වේ.

සුමිත් රණසිංහ මහතාගේ නවතම කෘතිය ''පොළොන්නරුව සිද්ධස්ථාන '' නම් වේ. එය පොළොන්නරුවේ නටබුන් හා සිද්ධස්ථාන සබැඳි පුරා විද්‍යාත්මක දත්ත අදාළ කර ගනිමින් සම්පාදිත ප්‍රාමාණික කෘතියක් බව කිව යුතු ය. මේ ග්‍රන්ථය පොළොන්නරුවේ සිද්ධස්ථාන හා එහි නටබුන් පිළිබඳව අධ්‍යයනයෙහි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයටත් පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන නැරඹීමට මෙන්ම වැඳ පුදා ගැනීමේ අභිලාෂයෙන් පසුවන සාධු ජනයන්ටත් අතිශයින් ප්‍රයෝජනවත් කෘතියක් වනු නො අනුමාන ය. සුමිත් රණසිංහයන්ගේ තිස් වසරකට අධික රාජ්‍ය සේවයත් ඊට සමගාමීව සිදු කළ ශාස්ත්‍රීය මෙහෙවරත් ඉමහත් ලෙස අගයන අතර එතුමන්ගේ සුවදායී ඉදිරි ගමනට මෙයින් ශුභාශිංසනය කරමි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි - අංශාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

Details
ISBN
9786242010878
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පොළොන්නරුව සිද්ධස්ථාන

Reviews are published once a member of our team has read them.