මහනුවර රජමහා විහාරාරාම
මහනුවර රජමහා විහාරාරාම
උඩුනුවර, යටිනුවර, තුම්පන, හාරිස්පත්තුව හා දුම්බර
කුසුම්සිරි විජයවර්ධන
මහනුවර රාජධානියේ අවසන් කාලයේ
සෙංකඩගල අගනුවර අවට පළාත් පහක්
වෙන්කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර,
හාරිස්පත්තුව, තුම්පන සහ දුම්බර වශයෙනුයි.
මේ පෙදෙස්වල පිහිටි බොහෝ රජමහා විහාර
සහ දේවාලවලට මහරජුගේ කරුණාවෙන් රාජ
අනුග්‍රහය හිමිව තිබුණි. එම පූජනීය ස්ථාන
ගැන කතුවරයා වසර 8ක් තිස්සේ කළ දීර්ඝ
අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර
කියවන්නේ. මහනුවර ප්‍රකට විහාර වන
ලංකාතිලකය, ගඩලාදෙණිය, සූරියගොඩ,
දෙගල්දොරුව, හිඳගල වැනි තැන් පමණක්
නොව දැකබලා විමසිය යුතු උඩරට ශිල්ප
කලා නිපුණත්වය හෙළි කරන තවත් විහාර
දේවාල රාශියක් ඇති බව මේ පොත කියවා
අවසන් වන විට ඔබට වැටහේවි. සේන්දෙණිය,
දූල්වල ලෙන්, වේගිරිය දේවාලය, මාලගම්මන,
දොඩන්වල නාථ දේවාලය, දොරගමුව ඇතුළු
විහාර දේවාල රැසක සැඟවුණු තොරතුරු
මහනුවර රජමහා විහාරාරාම පොතේ
ඇතුළත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.