ප්‍රශාන්

Special Price රු. 600.00 Regular Price රු. 750.00
In stock
SKU
prashan-janaka-mahalpath-kandemahagamaya-publisher

ජනකයි ප්‍රශාන්තනුයි මුණගැසුණේ මං හින්දා.
එහෙම තමයි විශ්ව සත්‍ය
සම්බන්ධතා ගොඩනංවන්නෙ.
මාව සොයා ගෙන ඈත වන්නියේ ඉඳල
ඇළහැරට ආපු මේ ද්‍රවිඩ ජාතික තරුණයා තුළ
සුවිශේෂීතාවන් කිහිපයක් තිබුණු බව මට පෙනුණා.

ජාතිතිවාදය ප්‍රතික්‍ෂේප කරන
දේශපාලන දහරාවක උරුමයක් තියෙන මට
ප්‍රශාන්තන්ගෙ ජාතිය, ජන්මය අදාළ වුණේ නැ.

ප්‍රශාන්තන් මගේ ළඟ ටික කාලයක් හිටියා.
තාමත් යනවා එනවා. ඒ වගේම හැමදාමත්
හදවතින් ඉන්නවා කියල මට තේරෙනව.

ඔහුම කියන විදිහට ඔහුට තවමත්
එක තැනක එක විදියට ඉන්න බෑ.
ඔහු යමක් සොයා ගෙන යනවා.

ප්‍රශාන්තන්ගෙ මේ ගාය තේරුම් ගත්ත ජනක,
ප්‍රශාන්තන්ගෙ ඇතුළෙ ජීවත් වන,
පිටට නොපෙනෙන චරිතය
එළියට ගන්න කරපු උත්සාහය
සාර්ථක එකක්දැයි කියන්න
මං ඉස්සර නොවෙන්නේ
පාඨක ඔබටත් ඒ ගැන හිතන්න
ඉඩක් දෙන්න ඕන හින්ද.

Author ජනක මහල්පත් - Janaka Mahalpath (2)
Publisher කන්දේමහගමයා ප්‍රකාශන - Kandemahagamaya Publisher (2)
More Information
ISBN 9786249273214
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රශාන්
Back to Top