Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සයිකෝ
About this book

සිග්මන් ෆ්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයාගෙන් මනස ගැන කෙරුණ හෙළිදරව්ව නිසා පසුගිය සියවසේ කලාවන්ට වූ බලපෑම කාල් මාක්ස්ගේන් කලාවන්ට සිදු වූ බලපෑම හා සමාන යැයි සිතමි. ෆ්‍රොයිඩ් සංකල්පයන් පරිහරණය ලොව විලාසිතාවක් බවට පත් විය. රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද සයිකො නවකථාව බොහෝ ජනප්‍රියවීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆ්‍රඩ් හිකොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය අසාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය. හැදෑරීම්වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනියි. භීතිය රැඳී පවතින්නේ අඳුරු සෙවණැලි තුළ නොව හිස් කබල තුළ ඇති කුඩා ලෝකයේ බව බ්ලොච් කියයි. කථාවේ එන හුදු පුද්ගලවාදී තේමාව හා ඒ කෙරෙහි පවතින ධනේෂ්වර ක්‍රමයේ වාස්තවික බලපෑම ගැන ද රචක අවධානය යොමු වන නිසා Psycho’ ජනප්‍රිය සම්භාව්‍ය නවකථාවක් බවට පත්ව ඇතැයි මට සිතෙයි. මෙහි මුද්‍රණ කිහිපයක්ම මේ වන විට නිකුත් කිරීමට සිදුවීමෙන් පෙනී යන්නේ එහි පවත්නා සාරවත්කම හා ඉහළ ජනප්‍රියතාවයි. පාසල් පුස්තකාල භාවිතය සඳහා ද අනුමත මෙය රොද බැඳ ගෙන කියවිය යුතු රසවත් නවකථාවක් බව කියමි.

ISBN
9559001140
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සයිකෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.