Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

About this book

NLP යනු මිනිසාගේ විශිෂ්ටත්වයේ රටාවන් අධ්‍යයනය කරමින්, ඒ තුලින් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමේ විද්‍යාව සහ කලාව ලෙස සරලව දැක්වීය හැකිය. NLP ක්‍රමවේද භාවිතා කිරීමෙන් පුද්ගලයන් තුල ධනාත්මක පරිවර්තනයක් වේගවත්ව සහ ඵලදායීව ළඟා කරගත හැකි බැවින් ටෝහි රොබින්ස් (Tony Robbins) වැනි පුද්ගල සාර්ථකත්වය පිලිබදව ලොව ජනප්‍රියතම උපදේශකයන් පවා තමන්ගේ පුද්ගල පරිවර්තනීය වැඩමුලුවල බහුල ලෙස මෙම ක්‍රමවේද භාවිතා කරයි. මෙම ග්‍රන්ථය රචනා කළ, පුබුදු චරත්න, මාගේ පුහුණු වැඩසටහන් වලදී මට හමුවුණු දැඩි කැපවීමක් සහිත දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර, නිවැරදි මග පෙන්වීම සහ කැපවීම තුළින් මේ වන විට ඔහු American Board of NLP (ABNLP), American Board of Hypnotherapy (ABH), Time Line Therapy® Association Coaching Division of ABNLP යන අධිකාරීන් හතරෙහිම අනුමැතිය ලත් ප්‍රථම ශ්‍රී ලාංකික පුහුණුකරු බවට පත් වී සිටිනු දැකීම අගය කළ යුතු කරුණකි. ඔහුගේ සාර්ථකත්වය කරා යන ගමන් මඟ තුළ ඔහුට අභිප්‍රේරණයක් සහ පරමාදර්ශී චරිතයක් වීමට ලැබීම මා හට ඉමහත් සතුටකි. ඔහු විසින් සිංහල භාෂාවෙන් රචිත “පුද්ගල සහ වෘත්තිය සාර්ථකත්වය සඳහා NLP” යන කෘතිය සිය මව් බසෙන් ඇති ග්‍රන්ථ වල අඩුව සපුරනු ඇති අතර ඔහුගේ මෙම උත්සාහයට මම හදවතින්ම සුභ පතමි.

Details
ISBN
9786249350502
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

Reviews are published once a member of our team has read them.