Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුල් එළිය

පුල් එළිය

About this book
පුල් එළිය ශ්‍රී ලංකාවේ උතුරු මධ්‍යම පළාත ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිට දොළොස් වැනි සියවස දක්වා දීප්තිමත්ව බැබලුණු මහා ශිෂ්ටාචාරයක නිජබිම විය. මේ පෙදෙස ශුෂ්ක තැනිතලා බිමකි. එහි වාසය කළ හැක්කේ සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක ආධාරයෙන් පමණකි. දැනට පවත්නා ගම්මානවල ප්‍රයෝජනයට ගැනෙන්නේ ද පුරාතන ගම්මානවල භාවිතයට යොදාගත් ඒ වාරිමාර්ග පද්ධතියම ය. මෙම කෘතිම ජල සම්පාදනය පදනම් කරගත් ප්‍රජා ඒකකයක් වන පුල් එළිය නමැති ගමෙහි ඉඩම් හිමිවන, පරිහරණය කෙරෙන හා පසු පරම්පරාවලට පැවරෙන අන්දම පිළිබඳ සියුම් විස්තරාත්මක විශ්ලේෂණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ. මෙහි ප්‍රධාන වශයෙන් අවධාරණය යොමු කර තිබෙන්නේ මෙම ප්‍රජාව තුළ නෑදෑ සහ විවාහ සබඳතාවක් සමඟ ඉඩම් හිමිකම සහ භූමි පරිහරණ පිළිවෙළවල් බැඳී තිබෙන අන්දම කෙරෙහිය. සමකාලීන සමාජ මානව විද්‍යා ශිල්පයට අදාළ වූ ඇතැම් සෛද්ධාන්තික හා ප්‍රායෝගික අංග ලක්ෂණ පිළිබඳ තීරණාත්මක මිනුම් පද්ධතියක් සැපයීම සඳහා ඉහත සඳහන් ප්‍රශ්නයට ප්‍රවේශ වී ඇති ආකාරය ප්‍රයෝජනවත් වෙයි. ඇතැම් ස්ථානවල කරුණුමය තොරතුරු ඉතා විස්තරාත්මක ය. හැකි සෑම අවස්ථාවකදී ම විශ්ලේෂණය තුළින්ම කරුණු ඉදිරිපත් වීමට ඉඩ හරින කතුවරයා පුළුල් පොදු නිගමනවලට එළඹීමෙන් වැළකී සිටී. මෙම කෘතිය වූකලී, සමාජ මානව විද්‍යා ශිල්පයට දායක වන, ඥානපූර්ණ මුල් ග්‍රන්ථයකි. ඒ නිසා, එය මූලික වශයෙන්ම යොමුකර තිබෙන්නේ ඥාතීත්වය පිළිබඳ පොදු සිද්ධාන්තය ගැන උනන්දුවක් දක්වන වෘත්තිමය මානව විද්‍යාඥයන් වෙතට ය. එහෙත්, මේ කෘතිය ශ්‍රී ලාංකීය ඉඩම් භුක්තිය පිළිබඳ සියුම් ප්‍රාදේශීය අධ්‍යයනයක් ද වන බැවින්, මධ්‍යතන ශ්‍රී ලංකාව හා පොදුවේ “රදල ක්‍රමයේ” සමාජ පිළිබඳ ඉතිහාසඥයන්ට මෙන්ම සමාජ විද්‍යාඥයන්ට ද එය අදාළ වෙයි.
Details
ISBN
9789558425788
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. very good
    yes good
    Saji ·
Write a review

You're reviewing: පුල් එළිය

Reviews are published once a member of our team has read them.