පුනානියේ මිනීකන දිවියා
මෙය නැවුම් වූ ද කියවීමෙන් සතුට ගෙන දෙන පොතකි. ලංකාවේ දිවියා ලුහුබැඳ යන කතාව, තමාගේ අතීතය ලුහුබැඳ යන කතාව සමඟ ලේඛකයා මනාව ගලපා ඇත. අනාවරණය වන ඉතා පුද්ගලික වශීකරණ වෘතාන්තයෙහි, නිර්භීත ක්‍රියා පුරාවෘත්තය සමඟ ද ඉතිහාසය ජනප්‍රවාද සමඟ ද ඉතා මනා සේ සංයෝගකර තිබේ.
චාල්ස් රිච් - ‛ද සයිරන් ඉයර්ස්’ නමැති පොතේ ලේඛක
ඉතා ප්‍රසන්න පොතකි මෙය. එය කියවන්න ආරම්භ කරන්නෙක් ප්‍රිය මනාපයෙන්, අපේක්ෂාවෙන් අවසන් නොවේවායයි පතමින් ඉතා අභිරුචියෙන් ගිජු ලෙස කියවයි. මම එය කියවූවිට මගේ අතීතයේ සවඳති බොහෝ දේ සිත කම්පාකරවමින් මතකයට නැඟුණි.
මේ පොතේ ඉතාම විශිෂ්ට හරය නම් ගත්කරු, හිරුඑළිය සහ හෙවනැළි, සිනාහඬ සහ කඳුළු අතර යෑම් විස්තර කරන ඉතා හුරුබුහුටි ලාලිත්‍ය ආකාරය ද අවසානයේ එක කාලයකදී පූනානි නම් කුඩා ගම්මානයේ අහිංසක මිනිසුන් බිය ගන්වමින් සිටි මිනී කන දිවියා ඔහුගේ ගමන අවසන් කළ ආකාරයයි.
ගරු වෝල්ටර් රූපසිංහ - ශ්‍රී ලංකාවේ තානාපතිතුමා - ඔන්ටාරියෝ, කැනඩාව.
තමන්ගේ ළමාවියේ මතකයන් සොයා වසර හතළිහකට පසු ඔහුගෙ රටට පැමිණ, ක්‍රිස්ටෆර් ඔන්ඩච්චි මේ මනරම් කතාව ඔහුගේ ප්‍රියතම තේමාව වන දිවියා ගැන ඉතා ආදරයෙන් සහ සිත් තැවුලෙන් ලියා තිබේ. යාල පළාතේ වනයන්හි මෙන්ම පාර අයිනේ කුඩා කඩයක් ඉදිරිපිට බංකුවක ඉඳගෙන හෝ කළුවර ලීයෙන් සෑදූ අලංකාර දෙයින් සමන්විත විසිත්ත කාමරයක හෝ ඔහුට එකසේ සතුටින් සිටිය හැක. සාර්ථක ගත්කරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් ලෙස ඔහු ඔහුගේ රටට ගෞරවය ගෙනත් දී තිබේ.
නිහාල් ප්‍රනාන්දු - ස්ටූඩියෝ ටයිම්ස්, ශ්‍රී ලංකාව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.