Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / පුරාවිද්‍යාව ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා උරුමය සහ සමාජ ආර්ථික සංවර්ධනය

පුරාවිද්‍යාව ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා උරුමය සහ සමාජ ආර්ථික සංවර්ධනය

About this book

යම් සමාජයක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සමාජ ආර්ථික ක්‍රියාවලිය තුළ ඇති වන පිබිදීම ප්‍රධාන දායකත්වයක් සපයනු ලබයි. පැරණි ලංකාවේ වාස්තු විද්‍යා, ගෘහ නිර්මාණ හා නිර්මිත පරිසරයේ වර්ධනය කෙරෙහි අන්තර් ජාතික වෙළෙඳාම ප්‍රධාන කොටගත් වාණිජ ධාරාව තුළ ඇති කරගෙන තිබූ සබඳතා මෙන්ම එහි වර්ධනය තියුණු බලපෑමක් ඇති කර තිබේ.

පෙර-අපරදිග රාජ්‍ය ඒකාබද්ධ කරමින් චීනය හා රෝමය සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වූ සාගර නෞකා මාර්ගය වූ සේද මාවත පැරණි ලෝකයේ ආර්ථික වර්ධනය නගාසිටුවීම සඳහා ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස කටයුතු කර ඇති ආකාරය පුරාවිද්‍යා සාක්ෂ්‍ය හා ඓතිහාසික මුලාශ්‍ර තොරතුරු තහවුරු කරයි. භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව, පෙර - අපරදිග රාජ්‍ය එක්තැන් කරමින් මධ්‍ය ස්ථානයක පිහිටීම නිසා පැරණි අන්තර් ජාතික වෙළෙඳාම තුළ ශ්‍රී ලංකාව ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. මෙහි ප්‍රතිඵලය වූයේ ක්‍රිස්තු පූර්ව මුල් කාලයේ සිටම ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වාණිජ කටයුතු මගින් විශාල ධනයක් උපයා ගැනීමට හැකියාව ඇති වීමයි.

Details
ISBN
9786242010168
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පුරාවිද්‍යාව ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා උරුමය සහ සමාජ ආර්ථික සංවර්ධනය

Reviews are published once a member of our team has read them.