Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ආදම්ගේ දූපත ලංකාව
About this book

සුජීව දිසානායක ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකි. ඔහු ජනමාධ්‍ ක්ෂේත්‍රයට 1978 දී පිවිසුණේ "ඇත්ත” පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. අනතුරුව 1988 දී වාර්තාකරුවෙකු ලෙස "ලංකාදීප” පුවත්පතට බැඳුණු ඔහු 1990 දී “පහන් තරුව” පුවත්පතේ කර්තෘ ලෙස පත් විය. 1990 දී "සිරිලක” පුවත්පතට එහි ප්‍රවෘත්ති කර්තෘ ලෙස එක් වූ සුජීව දිසානායක 1993 දී "යුක්තිය” පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් විය.

1996 දී "සිළුමිණ” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු ඔහු 1999 දී “සිළුමිණ” පුවත්පතේ කර්තෘ පදවියට පත් විය.

ස්වීඩනයේ කල්මාර් සරසවියේ "ෆදර් එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට්” ආයතනයේ ඩිප්ලෝමාධාරියෙකු වන සුජීව දිසානායක ශ්‍රී ලංකා පත්‍රකලා විද්‍යාලයේ දේශකයෙක් ද වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වන ඔහු ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ උප සභාපති ලෙසත් ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජනමාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති ලෙසත් කටයුතු කර ඇත.

කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් සහ කොල්ලුපිටියේ මහානාම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබී ය.

 

 

ISBN
9786245865277
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදම්ගේ දූපත ලංකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.